Sunday, June 9, 2013

ධීවර මළ සිරුරු29ක් හමු වෙයි

මළ සිරුරු 11ක්ම බලපිටියේ තවත් ධීවරයින් රැසක් අතරුදන්
අතුරුදන් වූ ධිවරයින් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම රියාත්මක වන අතර අද (09) පස්වරු 7 වන විට සොයාගත් ධීවර මළ සිරුරු රමාණය 29ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් ධීවරයින්  29 දෙනෙක් සහ ඔවුන්ට අයත් කුඩා ධීවර බෝට්ටු 30ක් තවමත් අතුරුදන් . ඒවා සොයා මෙහෙයුම් කණ්ඩායම් දිගටම මහ මුහුදේ ගවේෂණයේ යෙදේ. වර්ෂාවෙන් සහ සුළ` හේතුවෙන් තුවාල ලැබූ 29 දෙනෙක් දිවයිනේ  විවිධ රෝහල් හී රතිකාර ලබන අතර පවුල් 772 අයත් පුද්ගලයින් 1446 දෙනෙක් අවතැන් වී  සිටිති.
මේ අතර බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත මියගිය ධීවරයින්ගේ මළ සිරුරු 11ක් අද පස්වරු වනවිට ගෙනැවිත් තැන්පත් කර තිබේ. එම සිරුරු පිළිබ` පශ්චාත් මරණ පරීක්ෂණ ඉක්මණින් සිදුකර ඒවා ඥතීන්ට වහා ලබා දීමට කටයුතු ආරම්භ වී ඇත.  බලපිටිය මෝයෙන් මුහුදු ගිය බවට සැක කරන ධීවරයින් පදවා ගෙන ගිය තවත් බෝට්ටු කිහිපයක කොටස් අද පස්වරුවේ බලපිටිය රාහ්මනවත්ත වෙරළ තීරයට ගොඩගසා ඇත.
ඊයේ (08) අළුයම 3 පමණ හමා ගිය දැඩි සුළග සහ මහා වර්ෂාවට අසු වී   මහ මුහුදේ දී අතුරුදන් වූ ධීවරයින් සංඛ්යාව මෙතෙක් නිවැරැදිව අනාවරණය වී නැත.