Monday, June 3, 2013

අවමංගල සමිතියේ ලක්ෂ 10 ට මන්ත්‍රී wkS

අවමංගල්‍යාධාර සමිතියකට අයත් ගිණුමකින් රුපයිල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවටගත් රඹෑව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු මේ මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග ක‍ළාය. රඹෑව ගිණිකටු වැව එකමුතු මරණාධාර සිමිතියේ රුපියල් දස ලක්‍ෂ එක්දාහස් හාරසීය පනස් පහක් සහ සත පනහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම මරණාධාර සමිතියේ සභාපති රෝහණ වීරසිංහ මහතා කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරික්ෂණවලින් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර මන්ත්‍රීවරයා ගිණිකටුවැව එකමුතු සමිතියේ භාණ්ඩාගාරික වශයෙන් වසර කීපයක් කටයුතු කර ඇති අතර ඔහු විසින් 2007 වර්ෂයේ සිට මෙම මුදල් අයතා ලෙස පරිහරණය කර ඇතැයි වාර්තා වේ.
විජේවීර දියණිය ගැන වෛද් වාර්තාවක් ලැබෙන තුරු බන්ධනාගාරයට
සිය මවට සහ සහෝදරයාට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටින ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් දියණිය වූ දසුන් ඊශා විජේවීර මෙනවිය අද (03) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යලි ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාරිය ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට යොමු කොට සම්පූර්ණ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නි‍යෝග කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් කායිකනන්ද මහතා මෙය සමථයකට පත්විය හැකි නඩුවක් වුවත් සැකකාරිය සම්බන්ධයෙන් වූ‍ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් එය කළ නොහැකි බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. සැකකාරියට බන්ධනාගාරය මගින් තව දුරටත් ප්‍රතිකාර ලබා දෙන ලෙසටද නීතිඥවරයා ඉල්ලා සිටියේය. පැමිණිල්ලේ නීතිඥ චතුර ගුණරත්න මහතා අධිකරණය අමතමින් මෙම පහරදීමෙන් සැකකාරියගේ බාල සොයුරුතුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පැවසීය. 
විත්තිකාරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට බන්ධනාගාරයට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ජුනි මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. රෝහණ විජේවීර මහතා ඝාතනය වීමෙන් පසු ඔහු‍‍ගේ බිරිඳ සහ දරුවන් නාවික හමුදාවේ රැකවරණ යටතේ වැලිසර ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර පහරදීම සිදුවී ඇත්තේ එහිදී බව පොලිසිය පවසයි

ඉරිදා පැවැත්වූ ශිෂ්‍යත්ව වැඩමුළුවට විරෝධය

ඉරිදා පැවැත්වූ ශිෂ්යත්ව වැඩමුළුවට විරෝධය
පාසල් දරුවන් දහම් අධ්‍යාපනයෙන් ඈත් කරවන උපකාරක පන්ති ඇතුලු සියලුම වැඩසටහන්ඉරුදිනයන්හි පැවැත්වීමට බළන්ගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ බලවත් විරෝධය ප්‍රකාශ කරන බව ඉඹුල්පේ විජිතවංශ හිමියෝ පැවසූහ. බළන්ගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ තුඹගොඩ ශ්‍රී සුදර්ශන විහාරවාසි ඉඹුල්පේ විජිතවංශ හිමියන් පැවසූවේ 02 වැනිදා ( ඉරිදා ) බළන්ගොඩ කුමාරවිද්‍යාලයේ පැවති ශිෂ්‍යත්ව වැඩමුළුව ට විරෝධතාවය ප්‍රකාශ කරමිනි.  බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලංකාවේ ඉරුදින දහම් පාසල් කටයුතු බාධාවන අයුරින් වෙනත් උපකාරක පංති හෝ වෙනත් කටයුතු යොදාගැනීම සම්බන්ධව චක්‍රෙල්කයන් හා පියවර ගෙන තිබෙනවා
ඝෘෂිවරයා එර්දි වෙයි! බැතිමතුන් පරළ වෙයි
ගින්නෙන් පැහෙන කිරි කල නෑම, තියුණු කඩු හතක් මත නැග ප්‍රාතිහාර්‍ය පෑම, පොල් ගෙඩි 14ක් නළලෙන් බිඳීම ආදි මහා ප්‍රාතිහාර්‍ය පාමින් දේව පූජාවක් පවත්වන්නට එන බව කියූ හිමාලයානු මහා ඝෘෂිවරයෙක්නොපැමිණීමෙන් කුපිත වූ දෙදහසක පමණ පිරිසක් නොසන්සුන්ව හැසිරෙන්නට වීම නිසා‍ ඉකුත් 01 වැනිදා රාත්‍රියේ ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයක් අසල මහත් කලබගෑනියක් ඇති විය. මෙම ඝෘෂිවරයා මහානුභාව සම්පන්න යන්ත්‍රයක් සහ ලක්ෂයක් වාරයක් ජීවන් කළ තෛලයක් බෙදා දෙන පවසා ජනතාවගෙන් රුපියල් ලක්ෂ පහකට වඩා එකතු කර ගෙන තිබීම නිසා ජනතාව කුපිත වූහ. ප්‍රාතිහාර්‍ය සංවිධානය කළ පිරිසට අතින්,පයින් පහර දෙන්නට සූදානම් වූ අවස්ථාවේ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය මැදිහත් වී ඔවුන් බේරා ගෙන ඇත.
පූජාව පවත්වන කණ්ඩායමේ නායකයා ලෙස සිට ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ කොහොඹ මන්ත්‍රාචාර්‍ය නමින් හඳුන්වාගත් අයෙකි. කෝවිල්වල සේවය කරන අයියාර්වරුන් දෙදෙනෙක් , මැදිවියේ කාන්තාවක් ඇතුළු 13 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ. 
පස්වරු 6ට දේව පූජාව ආරම්භ වන බව පැවසුවත් රාත්‍රි 10 වෙනතුරුත් පූජාව ආරම්භ වූයේ නැත. මෙම අවස්ථාවේ දී රැස් වී සිටි පිරිස නොසන්සුන් වන්නට වූ අතර මැදිවියේ කාන්තාවක් වර්ණවත් සාරිවලින් සැරසී පැමිණ අවිධිමත් ලෙස පරල වී නටන්නට පටන් ගෙන ඇත. හිමාලයෙන් එන බව පැවසූ මහා ඝෘෂිවරයා දකින්නට නොමැති වීමත්, ඔහුගේ ප්‍රාතිහාර්‍ය පෑම බොරුවක් බවත් වටහාගත් මහා පිරිස දේවගැති කණ්ඩායමට පහර දෙන්නට සූදානම් වී තිබේ. එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සහ ගිරාඳුරුකෝට්ටේ පොලිසිය තත්ත්වය සන්සුන් කරන්නට මහත් වෙහෙසක් ගත්හ. 
මොවුන් මහියංගනය උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු නායකයා ලෙස පෙනී සිටි පූසාරියා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සෙසු දේවගැතියන්ට රුපියල් ලක්ෂය බැගින් ඇප නියම කෙරිණ
පවිත්රාට උප සභාපති තනතුරක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ආසියා ශාන්තිකර ආර්ථික හා සමාජයීය කොමිෂමේඅනුග‍්‍රහයෙන් පළමුවරට මෙම සමුළුව පසුගියදා රුසියාවේදී පැවැත්වු ආසියා හා ශාන්තිකර බලශක්ති අමාත්‍ය සමුළුවේ උප සභාපති ධූරය සඳහා විදුලිබල හා බලශක්ති ඇමතිනී පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය තේරිපත්ව සිටී. මෙහි සභාපතිවරයා ලෙස රුසියානු බලශක්ති අමාත්‍ය ඇලෙක්සැන්ඩර් නෝවැක් මහතා තේරී පත්වූ අතර රටවල් 35ක නියෝජිතයන් ඊට එක් වූ බව පැවසේ.
අරන්තලා සංහාරයට වසර 26යි
අරන්තලාව භික්ෂු සංහාරයට 2013.6.2 oskg වසර 26ක් පිරේ. කොටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අරන්තලාව අසල දී මාර්ගයක් හරස් කොට භික්ෂූන්සහිත බස්රථයක් අසල තිබෙන තේක්ක කැලෑවකට ගෙන ගොස් මුදල් කොල්ල කා අනතුරුවඑම භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ බියගුලු ක්‍රියාව 1987 වසරේ ජුනි 02වනදා බිහිසුණු මෙන්ම ම්ලේච්ඡ සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු වේ.


දැරියට හදිකළ මස්සිනා සොයා පොලිස් මෙහෙයුමක්
වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන ඇයගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයාව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කල්පිටිය පොලීසිය කියයි. අතවරයට පත්ව ඇත්තේ කල්පිටිය - මුසල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. මෙම දැරිවියව පසුගිය 28 වැනිදි දින කැදවාගෙන ගොස් ඇති සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි මිතුරෙකුගේ නිවසේදී ජුනි මස 01 වැනි දින දක්වා ඇයට අතවර කර ඇත.පසුව දැරිවිය නැවතත් මව නිවසට පැමිණ වැඩිහිටියන්ට මේ බව දැන්වීමෙන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත.





තැපැල් දුම්රිය පීලි පැන මගීන් තවමත් කැලෑව මැද
බදුල්ල සිට කොළඹ දක්වා ඊයේ (02) රාත්‍රී ගමන් ඇරඹූ තැපැල් දුම්රිය රාත්‍රී 8.45 ට පමණ අඹේවෙල සහ නානුඔය අතරදී පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනය මේ වන විටත් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. මෙම දුම්රියේ මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා තවමත් දුම්රිය මැදිරිවලට වී දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා නිමා වනතුරු බලා සිටිති. මෙම දුම්රිය අඹේවෙල සහ නානුඔය අතර කැලෑබද මාර්ගයේ නැවතී තිබෙන නිසා එහි සිටින මගීන්ට කිසිම ප්‍රවාහන පහසුකමක් ලබා දීමට නොහැකි වී තිබේ. 


 මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එහි සිටි මගීන් බොහෝ දෙනා වෙනත් ප්‍රවාහන පහසුකම් ලබා ගෙන පිටත් වී ගොස් ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩ අංශයේ පිරිසක් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට සේවයේ යෙදී සිටී.