අවමංගල සමිතියේ ලක්ෂ
10 ට මන්ත්‍රී wkS
අවමංගල්‍යාධාර
සමිතියකට අයත් ගිණුමකින් රුපයිල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්
සැක පිට අත්අඩංගුවටගත් රඹෑව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු මේ මස 14 වන දින
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා
විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. රඹෑව ගිණිකටු වැව
එකමුතු මරණාධාර සිමිතියේ රුපියල් දස ලක්‍ෂ එක්දාහස් හාරසීය පනස් පහක් සහ සත පනහක
මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම මරණාධාර සමිතියේ සභාපති රෝහණ වීරසිංහ මහතා කළ
පැමිණිල්ලකට අනුව සිදු කළ පරික්ෂණවලින් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර
මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර
මන්ත්‍රීවරයා ගිණිකටුවැව එකමුතු සමිතියේ භාණ්ඩාගාරික වශයෙන් වසර කීපයක් කටයුතු කර
ඇති අතර ඔහු විසින් 2007 වර්ෂයේ සිට මෙම මුදල් අයතා ලෙස පරිහරණය කර ඇතැයි වාර්තා වේ.

No comments:
Post a Comment