Monday, June 3, 2013



තැපැල් දුම්රිය පීලි පැන මගීන් තවමත් කැලෑව මැද
බදුල්ල සිට කොළඹ දක්වා ඊයේ (02) රාත්‍රී ගමන් ඇරඹූ තැපැල් දුම්රිය රාත්‍රී 8.45 ට පමණ අඹේවෙල සහ නානුඔය අතරදී පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනය මේ වන විටත් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. මෙම දුම්රියේ මගීන් විශාල පිරිසක් ගමන් කර ඇති අතර ඔවුන් බොහෝ දෙනා තවමත් දුම්රිය මැදිරිවලට වී දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා නිමා වනතුරු බලා සිටිති. මෙම දුම්රිය අඹේවෙල සහ නානුඔය අතර කැලෑබද මාර්ගයේ නැවතී තිබෙන නිසා එහි සිටින මගීන්ට කිසිම ප්‍රවාහන පහසුකමක් ලබා දීමට නොහැකි වී තිබේ. 


 මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එහි සිටි මගීන් බොහෝ දෙනා වෙනත් ප්‍රවාහන පහසුකම් ලබා ගෙන පිටත් වී ගොස් ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැඩ අංශයේ පිරිසක් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිට සේවයේ යෙදී සිටී.

No comments:

Post a Comment