Sunday, June 16, 2013

කැකිරාවෙන් ගෙනා මස් තොගය නාවුලට කවන්න බැරිවෙයි මන්නාරම මහනුවර ලංගම බස් රථයක ගව මස් කිලෝ ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් සිටියදී අද(16) දඹුල්ල නගරයේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.කැකිරාව කයිලපතාන ප්‍රදේශයේ සිට මොවුන් මෙම මස් තොගය නාවුල ප්‍රදේශයට ගෙනවිත් තිබෙන අතර මෙය ඔවුන් දෙදෙනා කලක සිට කරන ජාවාරමක් බවද හෙලිවී තිබේ. ගව මස් තොගයේ සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.
මාතලේ කිරි ගඟක් මතුවෙලා
මාතලේ උඩවේරගම ඇලේ අද(16) පස්වරුවේ අසිරිමත් පෙන ගොබයක් මතුවීය එම පෙන ගලා යාමෙන් ඇල සුදෝසුදු කිරි ගංඟාවක සිරි ගනු ලැබීය අඩි 10ක් පමණ උසට නැගි පෙන ගොබය අසිරිමත් සහ විශ්මයජනක දසුනක් වූ බව ඇසින් දුටුවෝ පවසති