Wednesday, June 5, 2013

ඩෙංගු වැළඳී නීති පීඨසිසුවිය මියයයි

ඩෙංගු වැළඳී නීති පීඨසිසුවිය මියයයි
කොළඹ නීති පීඨයේ 2 වැනි වසරේ සිසුවියක වන කෑගල්ල, මාවනැල්ලේ පදිංචි වී සිටි 22 හැවිරිදි නිසංසලා ප්‍රියන්ති සමරසිංහ මෙනවිය අද (05) උදේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඩෙංගු රෝගය උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත් වූවාය. ඉකුත් දින කිහිපය මුළුල්ලේ ඇය උණරෝගයෙන් පෙළෙමින් සිට ඇත. එහෙත් ළඟදී විභාගය පැවැත්වෙන නිසා අදාළ ප්‍රගති පැවරුම් සකස් කිරීමට ඇය දිගටම නීති පීඨයේ නේවාසිකව රැදී ඇත. ඉකුත් 30 වැනිදා නිසංසලා, නීති පීඨ නේවාසිකාගාරයේ නාන කාමරයේ සිහි නැතිව ඇද වැටී ඇත. සෑහෙන වේලාවක් ඇය සිහිසුන්ව නාන කාමරයේ වැටී සිටියදී මිතුරියන් විසින් සොයා ගෙන වහාම කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. ඉන්පසු නීති පීඨයේ අධිකාරිය විසින් සිදු කළ පරික්ෂණයකදී නේවාසික ‍ගොඩනැගිල්ලේ ඩෙංගු මදුරු කීටයන් විශාල ප්‍රමාණයක් සොයා ගෙන ඇත. 
නීති පීඨ ශිෂ්‍ය සංගම් සභාපති සජිත් මිහිර බණ්ඩාර ශිෂ්‍යයා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ මෙසේය. 

“පසුගිය මාස දෙක තුළ නීති පිඨයේ හා නේවාසිකාගාරයෙන් ඩෙංගු රොගී සිසු සිසුවියන් විසි දෙනෙකු පමණ හමුවුණා. මේ සම්බන්ධව පාලන අධිකාරියට දැනුම් දුන්නා. නමුත් නිසංසලා ප්‍රියන්ති සිසුවිය සිහි නැතිව නාන කාමරයේ ඇද වැටෙන තුරු පාලන අධිකාරිය ගත් පියවරක් පෙනුනේ නෑ.” රෝහලට ඇතුළත් කරන ලද නිසංසලා ප්‍රියන්ති සමරසිංහගේ එක් කනකින් රුධිරය වහනය වූ බවත්, ඊට පුළුන් කැබැල්ලක් තබනු දුටු බවත් එම අවස්ථාවේ රෝහලේ නිසංසලා සමග සිටි මිතුරියන් තමන්ට පැවසූ බවත් සජිත් මිහිර බණ්ඩාර පවසයි
කුරුල්ලෙක් කටුනායක ගුවන් යානයක් අණතුරේ හෙළයි
පක්‍ෂියෙකු ගුවන් යානයක ගැටිම හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දි අද(05) අළුයම මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත පියාසර කිරීමට අළුයම 12.55 ට ගුවන්ගත කෙරුණු බෝයින් 737 වර්ගයේ ගුවන්යානය අනතුරට පත්ව තිබේ. එම ගුවන් යානය මැලේසියාවට අයත් එකක් වන අතර සිදුවු අනතුරින් පසු එම යානය නැවත ගොඩබැස්සවා අලූත් වැඩියාවන් සිදු කරමින් පවතී.

කතරගම පෙරහැර ගැන කියන කටකතාවලට නොරැවටෙන්න

කතරගම පෙරහැර ගැන කියන කටකතාවලට නොරැවටෙන්න
කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍ය මෙවර අගෝස්තු මාසයට කල් ගොස් ඇත. පෙරහැර වෙනත් වර්ෂ වල දී ජුලි මාසයේ දී පැවැත්වෙන අතර මෙම වර්ෂයේ දී මාසයක් කල් යෑම පදනම් කරගෙන විවිධ වාදීන් මෙම පසුබිම මුල් කරගනිමින් විවිධ චෝදනා එල්ල කරමින් කටකතා පතුරුවන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපපක්ෂ මහතා පවසයි. කතරගම දේවාලයේ පෙරහැර ශ්‍රී ලංකාවේ ඇති පැරණිම පෙරහැර වන අතර වසර 2000 ක් පමණ අතීතයක් කතරගම පෙරහැරට හිමිවේ. මෙවර කතරගම පෙරහැර කල්යෑම පිළබඳව කතරගම දේවාලයේ ප්‍රධාන කපුදරන්දර සෙමිපාල ටී. රත්නායක කපුමහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, කතරගම දේවාලයේ සිදු කරන සියළුම චාරිත්‍ර ඉරහඳ පවතින තුරා සිදු කරන්නේ දුටුගැමුණු රජතුමා නි‍යෝග කළ ආකාරයට බවයි. 
නියමානු කූලව නැකැත් සාදවා දෙවියන් ගේ චාරිත්‍ර ඉ‍ටු කළ යුතුයි. එසේ නොවන්නේ නම් රටට අහිත කර ලෙස බළපානවා. සොමිපාල මහතා පවසයි. මෙවර පෙරහැර මංගල්‍ය සඳහා කප්සිටවීම සිදුවන්නේ මෙම මස 24 වැනි දින උදෑසනයි. අ‍ගෝස්තු 07 වැනි දින පෙරහැර මංගල්ල්‍ය ආරම්භවීමට නියමිතය. පෙරහැර දින 14 ක් සිදු කර අ‍ගෝස්තු 21 වැනි දින කතරගම මැණික් ගගේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවට පත්වෙන බව සොමිපාල ටී රත්නායක කපුමහතා පවසයි. 
පෙරහැර කල්යාම මුල්කරගෙන ඇතැම් බෙදුම් වාදීන් විසින් හිංදුන්ගේ ආගම ඇදහීම කල්දමා ඇතැයි කටකතා පතුරවමින් සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.