කතරගම පෙරහැර ගැන කියන කටකතාවලට නොරැවටෙන්න
කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන
ඇසළ මංගල්‍ය මෙවර අගෝස්තු මාසයට කල් ගොස් ඇත. පෙරහැර වෙනත් වර්ෂ වල දී ජුලි මාසයේ
දී පැවැත්වෙන අතර මෙම වර්ෂයේ දී මාසයක් කල් යෑම පදනම් කරගෙන විවිධ වාදීන් මෙම
පසුබිම මුල් කරගනිමින් විවිධ චෝදනා එල්ල කරමින් කටකතා පතුරුවන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ
ශෂින්ද්‍ර රාජපපක්ෂ මහතා පවසයි. කතරගම දේවාලයේ පෙරහැර ශ්‍රී ලංකාවේ ඇති පැරණිම
පෙරහැර වන අතර වසර 2000 ක් පමණ අතීතයක් කතරගම පෙරහැරට හිමිවේ. මෙවර කතරගම පෙරහැර කල්යෑම පිළබඳව
කතරගම දේවාලයේ ප්‍රධාන කපුදරන්දර සෙමිපාල ටී. රත්නායක කපුමහතා මේ පිළිබඳව අදහස්
දක්වමින් පැවසුවේ, කතරගම දේවාලයේ සිදු කරන සියළුම චාරිත්‍ර ඉරහඳ පවතින තුරා සිදු කරන්නේ
දුටුගැමුණු රජතුමා නියෝග කළ ආකාරයට බවයි. 
නියමානු කූලව නැකැත් සාදවා දෙවියන් ගේ චාරිත්‍ර ඉටු කළ යුතුයි. එසේ නොවන්නේ නම් රටට අහිත කර ලෙස බළපානවා. සොමිපාල මහතා පවසයි. මෙවර පෙරහැර මංගල්‍ය සඳහා කප්සිටවීම සිදුවන්නේ මෙම මස 24 වැනි දින උදෑසනයි. අගෝස්තු 07 වැනි දින පෙරහැර මංගල්ල්‍ය ආරම්භවීමට නියමිතය. පෙරහැර දින 14 ක් සිදු කර අගෝස්තු 21 වැනි දින කතරගම මැණික් ගගේ දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවට පත්වෙන බව සොමිපාල ටී රත්නායක කපුමහතා පවසයි.
පෙරහැර කල්යාම මුල්කරගෙන ඇතැම් බෙදුම් වාදීන් විසින් හිංදුන්ගේ ආගම ඇදහීම කල්දමා ඇතැයි කටකතා පතුරවමින් සිටින බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

.jpg)
 
No comments:
Post a Comment