Friday, June 14, 2013

ඇමරිකාවට යවන ආහාරවල ප්‍රමිතිය බලන්න එයි

ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ ආහාරපාන අපනයනය කිරීමට ප්‍රථම ඒවායේ ප්‍රමිතිය සොයා බැලීමට එරට ආහාර පාලන කමිටුව තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන කමිටුව සඳහන් කරයි. ඒ අනුව ඇමරිකාවේ ආහාර පිළිබඳ විශේෂඥවරියක් වන මහාචාර්ය බාබරා රස්කෝ මහත්මිය ඇතුළු පිරිසක් මෙරටට පැමිණ ඇමරිකාවට ආහාරපාන අපනයනය කරන කර්මාන්ත ශාලා හිමිකරුවන් මුණ ගැසී එම ආහාර පානවල ප්‍රමිතිය සොයා බැලීමට පියවර ගෙන ඇතැයි ආහාර කමිටුයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේය. 
මෙහිදී ආහාර නිෂ්පාදන ආයතන දැනුවත් කිරීමටත්, එම ආහාරපානවලට අයි.එස්.ඕ.සහතිකය හිමිව ඇත්දැයි යන්න සොයා බැලීමත්, එම ආහාරපාන පිළියෙල කරන අන්දම සොයා බැලීමත් කර ඇත. ඇමරිකාවට ආහාරපාන අපනයනය කිරීමේදී හා ඒවා නිෂ්පාදනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබඳව මෙහිදී කර්මාන්තශාලා හිමිකරුවන්ව දැනුවත් කිරීමට මහාචාර්යවරිය පියවර ගෙන ඇත.
චීවරධාරියා සහ කතුන් රැඳී සිටි නිවසක් ගම්වැසියන් වට කරති
 
සැකකටයුතු ලෙස නිවසක රැදී සිටි චීවරධාරියෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ තරුණයෙක් පුත්තලම පොලීසිය ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පාලාවිය - තල්ගස්කන්ද ප්‍රදේශයේ නිවසක මෙම පිරිස රැඳී සිටින බවට පුත්තලම පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලීසිය එම නිවසට යන අවස්ථාවේ පුද්ගලයින් 50 දෙනෙකු පමණ සැකකටයුතු නිවස වටකර ගෙන සිට ඇත. එම නිවස තුළ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව කියන 71 හැවිරිදි චීවරධාරියෙකි. ඒ සමගම 34 හැවිරිදි තරුණයෙකුවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වෙන්නප්පුව - ලුණුවිල පදිංචිකරුවෙකි.එම නිවස හිමි කාන්තාව සහ තවත් කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. තමන් මීට පෙරද මෙම නිවසට පැමිණ ඇති බව පවසා ඇති නමුත් ඊට හේතුව අත්අඩංගුවේ පසුවන චීවරධාරියා හෙලි කර නැත. පුත්තලම පොලීසියේ උප පොලිස් පරීක්ෂක සමරවීර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ජනපතිවරයාගේ අණින් ඊයේඋදේ දාපු කාපට්අද උදේ වෙද්දි ගැලවිලා
(13) උදේ 10 පමණ කාපට් අතුරා සකස් කරන ලද මිහින්තලය අඹතලා‍ගම මාර්ගයේ මීටර් 107ක කොටසක්  (14) උදේ වනවිට තැනින් තැන කාපට් ගැලවී වළවල් හැරී තිබීම සම්බන්ධයෙන් එහි ජනතාව අනුරාධපුරය මාර්ග සංවර්ධන අධිකාරියට දැඩි විරෝධය පළ කරන්නට පටන් ගෙන තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරිය උපදෙස් ලබා දෙමින් පවසා ඇත්තේ පොසොන් පොහොයට පෙර මෙම මාර්ගය පිළිසකර කරන ලෙසයි. ඒ සඳහා රුපියල් දාහත්කෝටි තිස් ලක්ෂයක මුදලක් වෙන් කර තිබේ. මෙම මාර්ගය මිහින්තලය ඔරලෝසු කනුව අසලින් දකුණට අඹතලා මාර්ගය ඔස්සේ මිහින්තලේ බොංජි විහාරය දක්වා කිලෝ මීටර් 02යි මීටර් 200ක් දුරට විහිදී තිබේ.
මාර්ගය කාපට් කිරීමේ කොන්ත්‍රාත්තුව අනුරාධපුරය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පුද්ගලික සමාගමකට පවරා ඇත. ඒ අනුව (13) උදේ මාර්ගය කාපට් කිරීම අරඹා ති‍බේ. එහි වැඩකටුතු කරගෙන යද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිම නිලධාරියෙක් එම සංවර්ධන කටයුත්ත අධීක්ෂණය කරන්නට නොපැමිණි බව මිහින්තලාව,තුලාන 578 එජනිසං ශාඛා සංවිධානයේ නියෝජිත නයනජිත් කුමාර මහතා පවසයි. රජයේ සල්ලි මේ ආකාරයට විනාශ කිරීම ජාතික අපරාධයයක් බව හෙතෙම පෙන්වා දෙයි. 
මාර්ගය කාපට් කිරීම  (13) රාත්‍රි 11 දක්වා කඩිමුඩියේ සිදුකර තිබේ. මාර්ගය කාපට් කර ඇත්තේ කිසිම ප්‍රමිතියනට නොවන බව ජනතාව මීට දැඩි විරෝධය පළ කරමින් පවසති. මේ අතර අදාළ සමාගමේ කොන්ත්‍රාත්කරුවා (14) උදේ එම ස්ථානයට පැමිණ කැඩී,වළවල් හෑරි තිබෙන කොටස යළි පිළිසකර දෙන බව පවසා තිබේ. මෙම මාර්ගය මහින්ද රාජපක්ෂ මාවත යනුවෙන් නම් කිරීමට නියමිත අතර ජනාධිපතිවරයාගේ නමින් ශ්‍රී ලංකාවේ නිමා වන එකම මාර්ගය මෙය බව පැවසේ.

uu ñkSurefjla' 
ux t<shg wdmq ojig n,d.ks,a,d
- jdia lsõj¨


nïn,msáfha jHdmdßlhl= jk fudfyduâ ishdï uy;d meyerf.k f.dia >d;kh lsÍfï isoaêhg wod<j niakdysr W;=r fldÜGdih Ndr ksfhdacH fmd,siam;s jdia .=Kj¾Ok uy;d bl=;a 10 jeksod rd;%sfha ryia fmd,sish úiska w;awvx.=jg .kakd wjia:dfõ§ Tyq jdäù isá mqgqj msgqmig ;,aÆ lrñka zug f;areKd WU,d fï jefâ lrkjd lsh,d' yenehs WU,g nE yeuodu udj we;=f<a ;shd.kak'''''Z
zYdks uu ñkSurefjla'''' uu t<shg wdmq ojig n,d.ks,a,d WU,g lrk foaZ hkqfjka lshd oeä iajrhlska ;¾ckd;aulj m%ldY l< nj ryia fmd,sish" fld<U m%Odk ufyia;%d;a wêlrKh fj; jd¾;djla bÈßm;a lrñka Bfha ^13od& oekqï ÿkakd'
ielldr ksfhdacH fmd,siam;sjrhdf.a m%ldYh fï isoaêh úu¾Ykh lrk ,o ks,OdÍkag t,a, l< Ôú; wk;=rl ;¾ckhla fukau mjqf,a whgo t,a, jQ ;¾ckhla nj ryia fmd,sisfha iyldr fmd,sia wêldß Ydks wfífialr uy;d wêlrKh fj; okajd isáhd'


Èhjeähdj fm%I¾ yeoS jdia wikSmù frdayf,a 
jdia .=Kj¾Ok fjkqfjka fmkS isá kS;S{ wð;a m;srK wêlrKhg okajd isáfha jdia .=Kj¾Ok uy;d wo WoEik yÈisfha frday,a.; lr isák njhs' Tyq fld<U cd;sl frdayf,a 42 jk jdÜgqfõ wxl 9 wef|a isák njhs' Tyqf.a frda.S ;;ajhka f,i m%ldY lf<a Èhjeähdj yd wê reêrmSvkhhs' 
fï iellre lr we;s wmrdO .Kkdjla .ek f;dr;=re fy<sj we;s neúka

Tyqf.ka ta .ek ±k .ekSug wjYHj we;s nj ryia fmd,sish wêlrKhg ±kajqjd'
fï w;r kS;S{ wð;a m;srK h<s okajd isáfha hïfyhlska jdia .=Kj¾Ok uy;d nkaOkd.dr .; lf<d;a Tyq ksid isr.;jQjka /ila tys isák ksid Tyqf.a Ôú;hg wjodkï ;;ajhla mej;sh yels njhs'fï ksid Tyq ßudkaâ fkdlrk f,i b,a,d isáhd'fï w;r ñh.sh whf.a whs;sjdislï fjkqfjka fmkS isá kS;S{ lKavdhula lshd isáfha jdia .=Kj¾Ok uy;d Èú kid.ekSug ;e;a lsÍfï isoaêhla ñka by; jd¾;dù we;s ksid Tyq .ek ie,ls,su;a jk f,i;a Tyq ßudkaâ lrk f,i;a okajd isáhd'
jdia .=Kj¾Ok r|jd ;ndf.k m%Yak lsÍug ñka by; Èk 90 l ld,hla ryia fmd,sishg ,eî we;s w;r Tyqf.a frda.S ;;ajh i,ld Tyq ßudkaâ lrkjdo keoao hkak wo iji ufyaia;%d;ajrhd úiska ;SrKh lrkakg ;SrKh jqKd'fï ksid ufyaia;%d;ajrhd wêlrKhg ±kajQfha frda.S ;;ajh mÍlaId lsÍug ;ud frday,g hk nj;a ta wkqj jdia .=Kj¾Ok ßudkaâ .; lsÍu .ek ;SrKhla iji ,ndfok njhs' kej; ál fõ,djlska wêlrKh /iajQ miq tï'iyí§ka ufyaia;%d;ajrhd lshd isáfha ielldr jdia .=Kj¾Ok ,nk 25 f;la ßudkaâ lrkakg ;ud ;SrKh l< njhs'
කෝටි දෙකක් වංචාකළ සක්විත්තියක්අත්අඩංගුවට 
රුපියල් කොටි දෙකකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැක කටයුතු කාන්තාවක් අද (14) අලුයම මීටියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දීර්ඝ කාලයක සිට විවිධ ආකාරයෙන් පුද්ගලයින් සමග මුදල් ගනුදෙනු කළ අයෙකි. ඇය බටපොල ප්‍රදේශයේ
 පදිංචි කාන්තාවකි. අධික පොලීඅනුපාතයක් ලබා දෙන බව පවසමින් ව්‍යාපාරිකයින් ඇතුලු ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචාකර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 
මුල් අදියරේ දි නියමිත පරිදි පොලී මුදල් ලබාදී තිබේ. මෙම තත්ත්වය මත විශාල ගනුදෙනුකරුවන් රැසක් ඇය සමග ගනුදෙනු කර ඇත. බටපොල ප්‍රදේශයේ කොබෙයිතුඩුව, බටදූව, නින්දාන, උඩුවිල, ඇතුළු ප්‍රදේශ රැසක ගනුදෙනුකරුවන් මෙම සැකකාර කාන්තාවට මුදල් ලබා දී ඇතැයි පොලිසිය පවසයි. පොලී මුදල් හෝ මුදල් ආපසු ගනුදෙනුකරුවන්හ ලබා නොදී සැඟවී සිටි සැකකාර කාන්තාව අද (14) අලුයම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මීටියාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශයට ලැබුණු පැමිණිලි මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.