රුපියල් කොටි දෙකකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැක කටයුතු කාන්තාවක් අද (14) අලුයම මීටියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දීර්ඝ කාලයක සිට විවිධ ආකාරයෙන් පුද්ගලයින් සමග මුදල් ගනුදෙනු කළ අයෙකි. ඇය බටපොල ප්‍රදේශයේ
පදිංචි කාන්තාවකි. අධික පොලීඅනුපාතයක් ලබා දෙන බව පවසමින් ව්‍යාපාරිකයින් ඇතුලු ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචාකර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මුල් අදියරේ දි නියමිත පරිදි පොලී මුදල් ලබාදී තිබේ.
මෙම තත්ත්වය මත විශාල ගනුදෙනුකරුවන් රැසක් ඇය සමග ගනුදෙනු කර ඇත. බටපොල ප්‍රදේශයේ
කොබෙයිතුඩුව, බටදූව, නින්දාන, උඩුවිල, ඇතුළු ප්‍රදේශ රැසක ගනුදෙනුකරුවන් මෙම සැකකාර කාන්තාවට මුදල් ලබා දී ඇතැයි
පොලිසිය පවසයි. පොලී මුදල් හෝ මුදල් ආපසු ගනුදෙනුකරුවන්හ ලබා නොදී සැඟවී සිටි
සැකකාර කාන්තාව අද (14) අලුයම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මීටියාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශයට
ලැබුණු පැමිණිලි මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:
Post a Comment