Thursday, June 13, 2013

හසිත මඩවල මරන්න අවි දුන් සැකකරු රිමාන්ඩ්


කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අද(13)පෙරවරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ ඝාතනයට යොදාගත් ගිනි අවියදඑකී ගිනි අවියේ ඡායාරූප ඇතුළත් බව කියන ඉෂාන් එදිරිසිංහ නමැති සැකකරුගේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. අදාළ සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය විසින් නියෝග කර තිබේ. පසුගිය ජනවාරි මස 5 වන දින කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් දෙදෙනෙකු ඇප මත මුදා හැර ඇත.බන්ධනාගාරගතව සිටි අනෙක් සැකකරුවන් තිදෙනා ද අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ද ලබන 23 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

No comments:

Post a Comment