Sunday, June 23, 2013

දන්සැල් රැසකට වැට
පොසොන් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පවත්වා ගෙන ගිය දන්සැල් 21 ක් පැය කීපයකට තාවකාලිකව අත්හිටුවීමට සිදුවු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා පැවසීය. පොසොන් උත්සවය නිමිත්තෙන් පැවැත්වීමට සුදානම් වන දන්සැල් එම දන්සැල් පවත්වන ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය තුළ ලියාපදිංචි කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීමක් කර තිබුණි.ඒ අනුව දන්සැල් 4371 ක් දිවයින පුරා පවත්වන බවට සංවිධායකවරුන් විසින් පළාත් පාලන ආයතන වෙත දන්වා තිබී ඇත.එම දන්සැල් සංවිධායකයින්ව පොසොන්ට දිනයටපෙර හමුවී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පුර්ව උපදෙස් ලබා දීම සිදු කර ඇත. 
පොසොන් දිනයේ රාත්‍රී 10.00 වන විට දිවයින පුරා පවත්වා ගෙන ගිය දන්සැල් 6532 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී ඇත.ඉන් දන්සැල් 152 ක් මිහින්තලය සහ 138 ක් අනුරාධපුර පුජා භූමි ආශ්‍රිතව පවත්වා ගෙන ගිය ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.මෙසේ පරීක්ෂාවට ලක් කරන ලද දන්සැල් අතරින් දන්සැල් 73 ක විවිධ අඩුපාඩු තිබී ඇත.එම අඩුපාඩු සකස් කර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් සංවිධායකයින්ට උපදෙස් ලබා දී ඇත. 
මෙසේ පරීක්ෂාවට ලක්වු දන්සැල් අතරින් දන්සැල් 21 ක් තාවකාලිකව තහනම් කර ඇති මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පැය කීපයකට පසුව ඒවා පවත්වා ගෙන යාමට අවසර ලබා දී ඇත. මේ අතර පොසොන් දිනය වෙනුවෙන් පුජා භූමි ආශ්‍රිතව පවත්වා ගෙන ගිය තාවකාලික වෙළද සැල් 3647 ක් පරීක්ෂාවට ලක් කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් වෙළදසැල් 112 ක තිබු අපිරිසිදු ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන විනාශ කර ඇත.අත්අඩංගුවට ගෙන අවවාද කිරීම්ද නොසකලා තව දුරටත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 74 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත. 
ඉදිරියේදීද උත්සව සමයන්හිදී පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම මීටත් වඩා ප්‍රබලව සිදු කරන බවත්,මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා හැරීමට සුදානම් වන දන්සැල් තහනම් කිරීමට කටයුතු කරණ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය
සමූහ මිනීවළට ජනපති කොමිසමක්
මාතලේ සමූහ මිනීවළ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පර්යේෂණ කොමිෂන් සභාවක් පත්කර ඇත. ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කර ඇත්තේ පෙරේදා (20) වැනිදාය. මෙම ත්රිපුද්ගල කොමිසමේ සාමාජිකයන් වනුයේ හිටපු ශ්රේෂ්ඨාධිකරණවිනිසුරු එස්.අයි. ඉමාම් (සභාපති), ධම්මික කිතුල්ගොඩ මහතා, හිටපු මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.