රාක්ෂ ගණයෙන් උපන් අය තුළ යක්ෂ ගති තිබේද?
කේන්ද්‍රයේ එන දේව, මනුෂ්‍ය, රාක්ෂ ගණ හඳුනාගනිමු
දේ ව, රාක්ෂ, මනුෂ්‍ය යනුවෙන් ජන්ම පත්‍රයට අනුව පුද්ගලයන් කොටස් තුනකට බෙදා ඇති බව බොහෝ දෙනෙක් දනිති. එහෙත්, මේ බෙදීම කවර පදනමක් යටතේ සිදු කරන ලද්දක් දැයි සමහරකු නොදන්නා බව පෙනෙයි.එමෙන්ම දේව, මනුෂ්‍ය ගණ කෙසේ වෙතත් රාක්ෂ ගණයෙන් උපන්නවුන් තුළ ‘යක්ෂ ගති’ ඇතැයි සිතා අනවශ්‍ය ලෙස බියපත් වන්නෝ ද සමාජයේ දුලබ නොවෙති.
ජ්‍යොතිෂයේදී නැකත් විසිහතක් භාවිතයට ගනී. අභිජිත් නම් වූ නැකත ව්‍යවහාරයට නොගනී. වෘත්තාකාර අහස් කුස කිසියම් රීතියකට අනුව කොටස් විසිහතකට අස්විද නැකතින් ආරම්භ වී රේවතී නැකතින් අවසන් වන ලෙස බෙදා වෙන් කර තිබේ.
මෙම නැකත් විසිහත ගණ යෝග යනාදී සලකුණු සහිතව වෙන්කර තිබේ. පුද්ගල පෞරුෂයක සුවිශේෂ සලකුණු මෙම කොටස් අධ්‍යයනය කිරීම තුළින් හඳුනාගත හැකිවේ.
අප සාකච්ඡාවට භාජනය කරන රාක්ෂ, දේව, මනුෂ්‍ය වශයෙන් ගණ තුන බෙදා වෙන්වනුයේ මෙම පදනමිනි. කැති, අස්ලිස, මා, සිත, විසා, දේව, මුල, දෙනට හා සියාවස යන නැකත් රාක්ෂ ගණයට අයත් වේ. අස්විද, මුවසිරස, පුනාවස, පුෂ, හත, සා, අනුර, සුවන හා රේවතී යන නැකත් දේව ගණයට අයත් වේ.
බෙරණ, රෙහෙණ, අද, පුවපල්, උත්‍රපල්, පුවසල, උත්‍රසල, පුවපුටුප හා උත්‍රපුටුප යන නැකත් මනුෂ්‍ය ගණයට අයත් වේ. පුද්ගලයකු තුළ පවතින ගැඹුරු දහමක් පිළිබඳ විශ්ලේෂණයන් මෙම ගණ තුළින් කියැවේ. රාක්ෂ ගණය හිමි අය සැර පරුෂ, මුරණ්ඩු අය ලෙස සාමාන්‍ය ජනතාව අතර හැඟීමක් පැවතුණත් එය සාර්ථක අදහසක් නොවේ. රාක්ෂ ගණය ඇත්තා තුළ තරමක නොහික්මුණු භාවයක් පැවතුණත්, ක්‍රියාශීලී, එඩිතර, ධෛර්යවන්ත, නොපසුබස්නා වීර්යයෙන් යුක්ත, ඕනෑම ව්‍යසනයකට මුහුණ දීමට ශක්තිය ඇති අයෙකු මින් විද්‍යමාන වේ.
දේව ගණය හිමි තැනැත්තා හික්මුණු, මධ්‍යස්ථ පිළිවෙත්වලින් යුක්ත, ධර්මිෂ්ට, සමාජයේ ගරු බුහුමන් ලබන, කිසි දෙයකින් කම්පාවට පත් නොවන ලද දෙයින් සතුටු වන අයෙකි.
මනුෂ්‍ය ගණය පෞරුෂයේ ඇතැම් දුර්වලතා පිළිබිඹු කරන එකකි. ඉතා හොඳ මිනිස් ගති ඇති අයෙකු වුවද බයාදු ගති, උදාසීන ගති අඩු කාර්යක්ෂමතාව අඩු උදේයා්ගය හා වහා පසු බැසීම වැනි දුර්වලකම් පවතී.
පාලනයක් ඇතිව කටයුතු කරන්නේ නම් වහා අභිවෘද්ධිය ලබා ගැනීමේ ශක්තිය රාක්ෂ ගණ හිමියන්ට පවතී.
තම තමන්ගේ දුර්වලතා අවබෝධ කර ගෙන ඒවා මග හරවා සමෘද්ධිය සලසා ගන්නා ආකාරය ජ්‍යොතිෂයේ සඳහන්ව තිබේ. මෙමගින් නුවණැත්තවුන් හට විපුල ප්‍රයෝජන ලබාගත හැකිවේ.
එසේ නොමැතිව කේන්ද්‍රයේ සටහන්ව ඇත්තේ මේ ආකාරයට යැයි සිතමින් කටයුතු කිරීමට යාම දියුණුවට බාධකයකි.
කුසල අකුසල අනුව නිර්මාණය වූ පුද්ගලයකුගේ පෞරුෂය කේන්ද්‍රය තුළින් විදහා දැක්වෙයි. අපල, අගුණ ඒරාෂ්ඨක යනාදී වශයෙන් දැක්වෙන්නේ අකුසල විපාකයන් මිස අන් කිසිවක් නොවේ කුසල් වැඩිදියුණු කර ගැනීම අගුණ අපල ආදියෙන් මිදීමට ඇති ඒකායන මාර්ගයයි. ගණවලදී
දැක්වෙන ඒ චරිත ස්වභාවයන් ද සසර පුරා අප පුරුදු පුහුණු කරගෙන එන සිතිවිලිවල ප්රතිඵලයි. දහමට බරව කුසලට නැඹුරුව කටයුතු කිරීම බරින් නිදහස්ව සැනසීමෙන් ජීවිතය පවත්වා ගෙන යාමට උපකාරී වේ.

.jpg)