කිරිපිටි නරක නෑ කියන්න නවසීලන්තයෙන් එයි
කිරිපිටිවල ඩයිසයින ඩයමයිඩ් නැමැති රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නොවන බවට
කරුණු පැහැදිලි කිරීම සඳහා නවදිල්ලියේ සිටින නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා
ඇතුලු කණ්ඩායම ලබන සතියේදී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්
සමඟ මොවුන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස්
නිලධාරියෙක් සඳහන් කළේය.
මෙහිදී නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටිවල ඩයසයින ඩයමයිඩ්
නැමැති රසායනිකය අන්තර්ගත ද යන්න පිළිබඳව කරන ලද පරීක්ෂණ වාර්තාවන්ද රැගෙන
පැමිණෙනු ඇතැයි එම නිලධාරියා කීය.
මෙම වාර්තාවන් කෙසේ
වුවද සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව විදේශ රටවල කරනු ලබන පරීක්ෂණ ඒ පරිද්දෙන්ම
සිදුකරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.jpg)
No comments:
Post a Comment