හිමි නමකට අයත් මෝටර් රථය රැගෙන පලායද්දී වෙඩි
- සැකරුවන් දෙදෙනකුට තුවාල:
එක් අයකුට බරපතළයි
සීදූව, රද්දොළුගම ප්රදේශයේ හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා නවීන කාර් රථයක් හා විහාරයේ තිබූ රන් භාණ්ඩ තොගයක් රැගෙන පලා යමින් සිටි සැකකරුවන් හතරදෙනකුට ඊයේ (29) දහවල් දුටුවැව පොලිස් ක්ෂණික මාර්ග බාධකයේදී වෙඩි තැබිමෙන් දෙදෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව වවුනියාව පොලීසිය කියයි. සැකකරුවන් විසින් පෙරේදා (28) රද්දොළුගම නැදගමුවේ නාහිමිට අයත් වාහනය මෙසේ පැහැරගෙන කැබිතිගොල්ලෑව ප්රදේශයට රැගෙනවිත් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29) දහවල් වාහනය විකිණීම සඳහා කැබිතිගොල්ලෑව ප්රදේශයේදී යතුරු පැදියක් අනතුරට පත්කරගෙන පලායමින් සිටියදී පොලීසිය විසින් දුටුවැව ප්රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදා වෙඩි තබා ඇති බවත් එහිදී අනතුරින් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ද ලැබූ බවත් පොලීසිය පවසා සිටී.
මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බවත් වෙඩිවැදුණු එක් සැකකරුවකුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවත් වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
කාර් රථයේ සැකකරුවන් හතර දෙනකු ගමන් කොට ඇති අතර වෙඩි තැබිම හේතුවෙන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා වවුනියාව පොලීසිය යෙදූ හදිසි මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් බවද වවුනියාව මූලස්ථාන පොලීසිය කීය.
අත්අඩංගුවට එක් සැකකරුවකු විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික රියැදුරු වන අතර අනෙක් පුද්ගලයා කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක භටයකු බවත්, පැහැරගත් වාහනය මඩුකන්ද ප්රදේශයේ සුසාන භූමියක දමා සැකකරුවන් තුවාලකරුවන් රැගෙන පලායෑමට ගත් උත්සාහයකදී අත්අඩංගුවට පත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතා ඇතුළු වවුනියාව අපරාධ විමර්ශන ඒකකය හා වවුනියාව අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති

No comments:
Post a Comment