සමූහ මිනිවල වෙනුවෙන් තවත් පෙත්සම් ඉදිරිපත් කරන්න ඉඩ
මාතලේ සමූහ මිනිවළේ මිහිදන් කර ඇති බවට සැලකෙන 89/90 වකවානුව තුළ
අතුරුදහන් වූ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් 31 දිනදී ද මාතලේ මහේස්ත‍්‍රාත්
අධිකරණය හමුවේ දිව්රුම් පෙත්සම් ගොනු කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ
කියයි. ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් සම්බන්ධිකාරක
ගමගෙදර දිසානායක මහතා කියා සිටියේ 89/90 වකවානුව තුළ අතුරුදහන්ව මාතලේ සමූහ
මිනිවළේ මිහිදන් කර ඇති බවට සැලකෙන ඥාතින් වෙනුවෙන් ඉකුත් අපේ‍්‍රල් 27 දින
දිව්රුම් පෙත්සම් 13 ක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි. එකී දිව්රුම්
පෙත්සම් සලකා බැලු අධිකරණය දිව්රුම් පෙත්සම් ඉදිරිපත් කළ ඥාතීන් සමූහ මිනිවල
සම්බන්ධයෙන් විභාග වන නඩුවේ පාර්ශ්වකරුවන් බවට පත්කර අපරාධ පරීක්‍ෂණ
දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ ලබා ගැනීමට නියෝග කර තිබුණි.
89/90 වකවානුව තුළ
අතුරුදහන්වූ පුද්ගලයින් 17 දෙනෙකු සම්බන්ධයෙන් ඥාතින් විසින් ප‍්‍රකාශ ලබාදී ඇති
අතර 31 දිනද දිව්රුම් පෙත්සම් 20 ක් පමණ අධිකරණයට ඉදිරිපත් කිරීමේ
සූදානමක් ඇති බව දිසානායක මහතා පැවසීය.
ඉකුත් නොවැම්බර් 23 දින මාතලේ දිස්ති‍්‍රක් මහ රෝහල්
භූමියේ වළක් කනිමින් තිබියදී මෙම සමූහ මිනිවළ නිරාවරණය වූ අතර මානව අස්ථි කොටස්
සමග ඇටසැකිලි 154 ක් සමූහ මිනිවළ තුළින් සොයා ගෙන ඇත.

No comments:
Post a Comment