Gossip New Lanka News
Monday, June 17, 2013
‘
උමතු ගවයා
’
සහ කොට ගවුම
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර නැමැත්තෙකි. මෙම පුද්ගලයා නවගත්තේගම පිහිටි නවෝද්‍යා පාසලට ගොස් එහි විනය භාර ගුරුවරියට නොසරුප් ලෙස බැන වැදී
,
ගුරුවරුන් සමූහය මැද්දේ එම ගුරුවරිය දන ගස්වා තිබේ.
ඕනෑම විවාදයකට ලෑස්තියි
ඕනෑම විවාදයකට ලෑස්තියි
ඉඩම් හා පොලිස් බලතල මගින් රට ලේ විලක් වන ආකාරය ඇමැති රාජිත සේනාරත්න මහතාට පෙන්වා දීමට
තමන් ඉදිරිපත් වන බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. අද (
17)
බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්‍යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඒ මහතා
එසේ පැවසුවේ රාජිත සේනාරත්න
මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. පොලිස් හා ඉඩම් බලතල සහිතව
උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන්
රටටහානියක් වෙනවා යැයි පවසන්නේ පළාත් සභා පනත නොකියැවූ අය බවත්
,
බලතල සහිතව මැතිවරණය පැවැත්වීමෙන් රටට හානියක් වන බව ඔප්පු කර පෙන්වන ලෙසත් ඇමැති රාජිත අභියෝග කර තිබිණ.
පොලිස් හා ඉඩම් බලතල පිළිබඳ සඳහන් වන්නේ ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවේ මිස පළාත් සභා පනතේ නොවේ යැයි උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. තමන් ඕනෑම
නාලිකාව රාජිත සේනාරත්න මහතා සමග විවාදයකට සුදානම් බවත් ගම්මන්පිල මහතා පවසයි.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)