Monday, June 17, 2013

ඕනෑම විවාදයකට ලෑස්තියි

 ඕනෑම විවාදයකට ලෑස්තියි

ඉඩම් හා පොලිස් බලතල මගින් රට ලේ විලක් වන ආකාරය ඇමැති රාජිත සේනාරත්න මහතාට පෙන්වා දීමට තමන් ඉදිරිපත් වන බව ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි. අද (17) බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්‍යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ඒ මහතා
 එසේ පැවසුවේ රාජිත සේනාරත්න  මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි. පොලිස් හා ඉඩම් බලතල සහිතවඋතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් රටටහානියක් වෙනවා යැයි පවසන්නේ පළාත් සභා පනත නොකියැවූ අය බවත්, බලතල සහිතව මැතිවරණය පැවැත්වීමෙන් රටට හානියක් වන බව ඔප්පු කර පෙන්වන ලෙසත් ඇමැති රාජිත අභියෝග කර තිබිණ.
පොලිස් හා ඉඩම් බලතල පිළිබඳ සඳහන් වන්නේ ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවේ මිස පළාත් සභා පනතේ නොවේ යැයි උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. තමන් ඕනෑම 
නාලිකාව රාජිත සේනාරත්න මහතා සමග විවාදයකට සුදානම් බවත් ගම්මන්පිල මහතා පවසයි.

No comments:

Post a Comment