විදුහල්පති මම නම් මන්ත්රී එළවන්නේ කොස්සෙන් ගහලා
එල්ලාවල මේධානන්ද හිමි
මන්ත්රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් පාසල පිරිසිදු කරන මුස්නෙන් පහර දී මන්ත්රීවරයා එළවන බව පාර්ලිමේන්තු මන්ත්රී, පුරා විද්යා චක්රවර්තී එල්ලාවෙල මේධානන්ද හිමියෝ පැවසූහ. පාසලක විනය හදන ගුරුවරියට විනයක් නැති දේශපාලනඥයෙක් විසින් කළ නොහොබිනා ක්රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතරඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගත් ක්ෂණික පියවර අගය කරනවා යැයි ද හිමියෝ වදාළහ. විදුහල්පතිවරයෙක්, අධ්යාපන අධ්යක්ෂකවරයෙක් හා විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙක් වශයෙන් අධ්යාපන ක්ෂේත්රය තුළ තමන් වහන්සේ සේවය කළ වර්ෂ 34ක් වූ කාලය තුළ දී මෙවැනි සිදුවීමක් නොඇසූ බව ද උන් වහන්සේ පැවසූහ.
වර්තමානයේ සමහර ගුරුවරු ගුරු ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කළත් ගුරුවරයා යනු කිසිවෙකුට නොදවෛනි දෙවිකෙනෙකු හා සමාන අයෙක් බවත් දණ ගසා වැඳිය හැකි ආකාරයෙන් රට වෙනුවෙන් තම සේවය සලසන ගුරුවරු අදටත් මෙරට සිටින බව ද හිමියෝ පැවසූහ
Tuesday, June 18, 2013
පළාත් සටනට වයඹත් ලෑස්තියි
වයඹ පළාත් සභාව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින ලෙස ඉල්ලා ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.මේ අනුව ඉතාම නුදුරේදී එම පළාත් සභාව විසිරුවා හරිනු ඇති බව පැවසේ. මේ අතර මධ්‍යම පළාත් සභාව විසුරුවන්නට අදාල නිර්දේශ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයාටදැනටමත් භාරදී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා මාතලේදී ප්‍රකාශ කළ අතර බොහෝ විට ලබන සිකුරාදා විසිරුවා හරිනු ඇති බවද ඔහු පැවසීය.

කොරියාවේ අධිවේගි මගේ දිවිපුදා යෝදකණ්ඩියේ මිහිදන් වූ ශාන්ත
ලියනආරච්චිගේ ශාන්ත කුමාර කොරියාවේ රැකියාවකට යන්නේ පාසල් අධ්‍යාපනය ලබන තම දියණියගේ සහ බාල පුතුගේ අධ්‍යාපන කටයුතුවලට ඇවැසි මුදල් හොයන්නට සේම හොඳ නිවසක් හදාගෙන සතුටින් ජීවත් වීමටය. කතරගම පූජා භූමියේ තිබුණු පූජා වට්ටි කඩයෙන් ලැබෙන ආදායම පවුලේ නඩත්තුවට නොසරි වූ හෙයින් කොරියන් විභාගයෙන් සමත් ව කොරියාවේ රැකියාවකට ගියේ මෙයට වසර දෙකකට පෙරය. ශාන්ත කුමාර රැකියාවට ගොසින් මාස
18කට පසුව සේවා ආයතනයේ සියල්ලන්ට නිවාඩුවක් ලැබුණු හෙයින් යළිත් ලංකාවේ තිස්සමහාරාම, යෝධකණ්ඩිය තම ගම් පියසට එන්නේ යම්තම් මුදලක් එකතු කර ගනිමිනි. ඒ මුදල්වලින් නිවසක් හදන්නට කටයුතු ආරම්භ කළා පමණි.
2013-02-17 දින ශාන්ත කුමාර නැවතත් කොරියාව බලා යන්නේ නිවාඩු අවසන් වීමෙනි. ඔහු රට ගොස් මාසයක් ගෙවෙන තැන බිරිඳ කාංචනා ජයසිංහ යතුරුපැදි අනතුරකින් තුවාල ලබා ඔත්පල වූවා ය. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මල්ෂා සබීකි දියණියත්, ළදරු පාසල් වියේ පසුවන අකේෂ් සබීක පුතුත් මේ නිසා දැඩි අසරණ භාවයට පත්වූවත් රැකියාව හැරදා ශාන්ත කුමාරට යළි ලංකාවට පැමිණීමට නොහැකි විය. කාංචනා ජයසිංහගේ පියාණන් වූ ධර්මදාස ජයසිංහ තම දියණිය හා මුණුපුරාත් මිණිපිරියත් රැකබලා ගැනීමට අවශ්‍ය කටයුත සම්පාදනය කළේය. අත් වාරුවෙන් යම්තම් ඇවිදින අම්මාට බරක් නොවී දරු දෙදෙනා අධ්‍යාපන කටයුතු වල නිරත විය. 2013 ජුනි 8 වෙනිදා කාංචනා ජයසිංහට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලැබුණේ කිසිදාක බලාපොරොත්තු නොවූ පණිවුඩයකි. ශාන්ත කුමාර කොරියාවේදී යතුරු පැදි අනතුරකට ලක්ව මියගොස් ඇති බව ඉන් කියැවිණි. නතර වී සිටි ස්ථානයේ සිට සිය සේවා ස්ථානයට යතුරු පැදියෙන් අධිවේගී මාර්ගයක යමින් සිටියදී පිටුපසින් පැමිණි වාහනයක් ශාන්ත කුමාර යට කරගෙන ගොස් තිබුණේ වෛද්‍ය ප්‍රතිකාරයක්වත් ලබන්නට ඉඩක් නොතබාමය.
අධිවේගී මාර්ගයේ සවිකර ඇති ස්වයංක්‍රිය කැමරාවල ශාන්ත කුමාර අනතුරට ලක්වන අයුරු මනාව සටහන්ව තිබේ. වරද කාගේ වුවද ශාන්ත කුමාරට යළි ලංකාවට එන්නට ලැබුණේ යස ඉසුරු සහිතව නොවේ. 13 වැනිදා ශාන්ත කුමාරගේ දේහය ලංකාවට ගෙන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණි. අනතුර සිදුවූ මොහොතේ සිට දේහය ලංකාවට ගෙන්වා දීම තෙක් සියලු කටයුතු අප්‍රමාදව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉටුකළ බව ශාන්ත කුමාරගේ මාමණ්ඩිය ප්‍රකාශ කළා.
වන්දි ලබා දිමට අදාල කටයුතු භූමිදානෙන් පස්සෙ සිදු කරන බවටත් පොරොන්දු වුණාලු. නන්නාඳුනන දේහයක දරුවන්ට යස ඉසුරු සොයන්නට විදෙස් ගතවූ 43 හැවිරිදි ශාන්ත කුමාර, ආබාධිත බිරිඳ පමණක් නොව දරු පැටවුන්ද හැරදා සැමගේ සෝ සුසුම් මැද ජුනි 15 සෙනසුරාදා යෝධකණ්ඩියේ දී මිහිදන් වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ශාන්තගේ ජීවිතය ආපහු දෙන්න බැරි වුණත් අදාල වන්දි මුදල් ලබා දෙන්නට කටයුතු කරාවි කියල විශ්වාස කරනවා.
තට්ටු පහකින් සිසුවිය බිමට පැන්නේ අධ්‍යාපනයෙන් ලැබූ පීඩනය නිසා
කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ සිසුවිය එහි පිහිටි මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇත්තේ අධ්‍යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් බව මූලික විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කියයි. අද (17) මෙම සිසුවිය මහල් පහකින් බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරනු ලැබීය. සිසුවියගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක් දැඩි උත්සාහයක යෙදී සිටින බව හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.
සිද්ධිය වූ ස්ථානය බොරැල්ල පොලිස් නිලධාරින් විසින් අද උදේ පරීක්ෂාවට ලක් කළ ආකාරයයි මේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ සිසුවිය එහි පිහිටි මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇත්තේ අධ්‍යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් බව මූලික විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කියයි. අද (17) මෙම සිසුවිය මහල් පහකින් බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරනු ලැබීය. සිසුවියගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක් දැඩි උත්සාහයක යෙදී සිටින බව හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.
මෙම සිසුවිය ලුණුගම්වෙහෙරේ
පදිංචිකාරියකි. අධ්‍යයන කටයුතු සහ දේශන හේතුවෙන් තමන් දැඩි පීඩනයකට ලක් වී සිටින
බව ඇය
සරසවියේ යෙහෙළියන්ටද පවසා ඇත. ඇගේ හැසිරීම්වල තිබෙන අසාමාන්‍ය බව විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්‍යවරුන් විසින් ඇගේ දෙමව්පියන්ටද දැනුම් දී තිබිණැයි කියති. ඇගේ මානසික
තත්ත්වය යහපත් කරන්නට පියවර ගන්නා ලෙසත් දෙමව්පියන්ට දැනුම් දී තිබී ඇතැයි දැන
ගන්නට තිබේ. සිද්ධිය වූ ස්ථානය බොරැල්ල පොලිස් නිලධාරින් විසින් අද උදේ පරීක්ෂාවට ලක් කළ ආකාරයයි මේ.
ගුරුවරිය දන ගැස් වූසැකකාර මන්ත්‍රී වරෙන්තුකරුවෙක්
නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියක වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී ඇය දන ගැස් වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා වරෙන්තුකරුවකු බව දැන ගන්නට තිබේ. 2010 පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම පුද්ගලයා නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වසන්ත නැමැති පුද්ගලයෙක්ට පහර දී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය පුත්තලම දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. මෙම නඩුව සඳහා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා එක්වරක් පමණක් උසාවිය හමුවෙහි පෙනී සිට ඇත. ඉන්පසු ඔහු උසාවිය මග හැරීම හේතුවෙන් පුත්තලම දිසා අධිකරණය ඔහුට එරෙහි වරෙන්තුවක් නිකුත් කර තිබේ. එහෙත් පොලිසිය මගින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කර නැත. සැකකාර මන්ත්‍රීවරයා පළාත් සභා රැස්වම්, පළාතේ රැස්වීම් ආදියට සහභාගී වී ඇති අතර පොලිස් ආරක්ෂාව පවා ඔහුට සපයා දී ඇත.ඉසුරු පාසලේ ගුරුවරිය දන ගැස් වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (18) පුත්තලම දිසා අධිකරණයට
සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ජුනි 27 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමත් සමග නවගත්තේගම පොලිසිය මොහුට එරෙහි වරෙන්තු නඩුව ඉදිරිපත් කර තිබේ. එම වරෙන්තුව සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා යළිත් වරක් ජුනි 27 වැනිදා දක්වා රිමාන්ඩ්ගත කරන ලෙසට පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ චණ්ඩි පුතා විදුහල්පතිට
ගහන්න පැනලා නිවන්තකචේතියවිදුහල නොසන්සුන්
මිහින්තලය ප්‍රාදේශිය සභාවේ එජනිස මන්ත්‍රීවරයකු වන අනිල් පුෂ්පානන්ද නැමැත්තාගේ පුත්‍රයා අද (18) දහවල් 11 ට පමණ ඔහු ඉගෙනුම ලබන අනුරාධපුර නිවන්තකචේතිය විදුහලට කඩා වැදී එහි විදුහල්පති ආර්. කේ. එස්. කටුගම්පොළ මහතාට පහර දීමට උත්සාහ කිරීමෙන් එම විදුහලේ සිසුන් හා ගුරුවරුන් දැඩි නොසන්සුන්තාවට පත් වී සිටිති. මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට වයස අවුරුදු 18 කි. ඔහු මෙවර අගෝස්තුවේ පැවැත්වෙන අ.පො.ස (උ.පෙ) සඳහා වාණිජ්‍ය අංශයෙන් පෙනී සිටීමට නියමිත. මෙම සිසුවා අධ්‍යයන නිවාඩු මත පසුවන අතර හදිසියේම අද (18) දහවල් විදුහලට පැමිණීම සම්බන්ධයෙන් විදුහල්පති කටුගම්පොල මහතා ඔහුගෙන් විමසීමක් කර තිබේ.“ උඹට ඒක වැඩක් නෑ ” කියමින් සිසුවා විදුහල්පතිවරයාට පහර දීමට කඩා පැන ඇත. එම අවස්ථාවේ කාර්යාලයේ සිටි ගුරුවරුන් විසින් සිසුවා වළකා ගෙගෙන තිබේ. මෙම විදුහලේ ගුරුවරුන් 139 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් සියයකට වැඩි ගුරුවරුන් පිරිසක් සහ සියලුම සිසුන් විදුහල්පතිවරයාගේ නිල කාමරය ඉදිරිපිට රැස්වී මේ වනවිට සිද්දියට එරෙහිව විරෝධතාවක යෙදී සිටිති. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණ පණිවිඩයක් අනුව අනුරාධ මූලස්ථාන පොලිසියේ නිලධාරින් රැසක් විදුහල් බිමට පැමිණ සිටිති. මන්ත්‍රී අනිල් පුෂ්පානන්දගේ පුත්‍රයාට එරෙහිව මීට මාස 1 ½ ට පෙර අනුරාධපුර උසාවියේ නඩුවක් ද පවරා තිබේ. ඒ, මිහින්තලය මහකනදරාව ප්‍රදේශයේ බීමත්ව ඉතා අශෝබන ආකාරයට හැසිරෙමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර කිරීම හේතුවෙනි. එම නඩුවේ විත්තිකරුවකු වන මොහු මේ දිනවල ඇප මත නිදහස් වී පැමිණ සිටී. සිය පුත්‍රයා පාසලට පැන විදුහල්පතිවරයාට පහර දීමට සූදානම් වූ බවට තොරතුරු ලද සැනින් නිවන්තකචේතිය විදුහලට පැමිණි මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද සිය පුත්‍රයා පාසලින් අස් කරවා ගෙන ඇත. අනතුරුව විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ටවැඳ සමාව ගන්නා ලෙස මන්ත්‍රීවරයා සිය පුත්‍රයාට අණකර තිබේ. සිසුවා විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට වැඳ සමාව ගත්ත ද ගුරුවරුන් ඔහුගේ වැඳීම ගණන් ගත්තේ නැත. ගුරුවරුන් සහ සිසුන් මෙම සිසුවාට සහ ඔහුගේ මන්ත්‍රී පියාට දැඩි අප්‍රසාදය පළ කරද්දී ඔවුන් දෙදෙනා විදුහලෙන් පිට වී ගියහ.නොසන්සුන්කාරී බව තවමත් නිවන්තකචේතිය විදුහලේ පවතින අතර විනය භාර ගුරුවරුන් සිසුන් සන්සුන් කර ගන්නට උත්සහ කරති.

ගුරුවරිය දණ ගැස්වූ වයඹ මන්ත්‍රී ඉල්ලා අස්වෙයි
මට සමාවෙන්න- මන්ත්‍රී කියයි
මට සමාවෙන්න- මන්ත්‍රී කියයි
වයඹ පළාත් සභා මන්ත‍්‍රි ආනන්ද සරත් කුමාර සිය මන්ත‍්‍රි ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.නවගත්තේගමනවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක් වූ සුසිලා හේරත් මහත්මිය දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද, අදාල සිද්ධියෙන් එම ගුරු මහත්මියට හෝ නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරු මණ්ඩලයට යම් අපකීර්තියක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවද දක්වා ඇති ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ඇති බවද පවසා තිබේ. කෙසේ
වෙතත්එවැනි ප‍්‍රකාශයක් සිදුකිරීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වත්මන් රජයඅපහසුතාවට පත්කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු එම ලිපියේ දක්වා ඇතැයි පැවසේ. මේ අතර අදාල මන්ත‍්‍රීවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ගුරුවරියක් දණ ගැස්වීමේ ක්‍රියාව එම ගුරුවරියට මානසික සහ ශාරීරික පීඩා සිදුවන අයුරින් කටයුතු කිරීම මිලේච්ඡ ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වේ. අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම පිළිකුල් සහ නින්දා සහගත ක‍්‍රියාවක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එය හෙලා දකින බවත්ය.එම මන්ත‍්‍රීවරයා සිදුකර ඇති ඉතා බරපතල වරද පිළිබඳව මන්ත‍්‍රීවරයාට එරෙහිව ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිකුත් කළනිවේදනයෙහි දැක්වේ.
Pkm;s kshufhkA .jhd neo ouhs'
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර නැමැත්ත f.A mlAI idudcsl;Ajh Pkm;s kshufhkA wfydAis lrhs'
Subscribe to:
Comments (Atom)