නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියක වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී ඇය දන ගැස් වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා වරෙන්තුකරුවකු බව දැන ගන්නට තිබේ. 2010 පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම පුද්ගලයා නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වසන්ත නැමැති පුද්ගලයෙක්ට පහර දී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය පුත්තලම දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. මෙම නඩුව සඳහා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා එක්වරක් පමණක් උසාවිය හමුවෙහි පෙනී සිට ඇත. ඉන්පසු ඔහු උසාවිය මග හැරීම හේතුවෙන් පුත්තලම දිසා අධිකරණය ඔහුට එරෙහි වරෙන්තුවක් නිකුත් කර තිබේ. එහෙත් පොලිසිය මගින් මෙම වරෙන්තුව ක්‍රියාත්මක කර නැත. සැකකාර මන්ත්‍රීවරයා පළාත් සභා රැස්වම්, පළාතේ රැස්වීම් ආදියට සහභාගී වී ඇති අතර පොලිස් ආරක්ෂාව පවා ඔහුට සපයා දී ඇත.ඉසුරු පාසලේ ගුරුවරිය දන ගැස් වූ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (18) පුත්තලම දිසා අධිකරණයට
සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ජුනි 27 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමත් සමග නවගත්තේගම පොලිසිය මොහුට එරෙහි වරෙන්තු නඩුව ඉදිරිපත් කර තිබේ. එම වරෙන්තුව සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා යළිත් වරක් ජුනි 27 වැනිදා දක්වා රිමාන්ඩ්ගත කරන ලෙසට පුත්තලම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය.

No comments:
Post a Comment