කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ සිසුවිය එහි පිහිටි මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට උත්සහ දරා ඇත්තේ අධ්‍යයන කටයුතුවලින් ඇය ලැබූ වෙහෙස හා පීඩනය හේතුවෙන් බව මූලික විමර්ෂණවලදී අනාවරණය විනැයි බොරැල්ල පොලිසිය කියයි. අද (17) මෙම සිසුවිය මහල් පහකින් බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කරනු ලැබීය. සිසුවියගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක් දැඩි උත්සාහයක යෙදී සිටින බව හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.
මෙම සිසුවිය ලුණුගම්වෙහෙරේ
පදිංචිකාරියකි. අධ්‍යයන කටයුතු සහ දේශන හේතුවෙන් තමන් දැඩි පීඩනයකට ලක් වී සිටින
බව ඇය
සරසවියේ යෙහෙළියන්ටද පවසා ඇත. ඇගේ හැසිරීම්වල තිබෙන අසාමාන්‍ය බව විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්‍යවරුන් විසින් ඇගේ දෙමව්පියන්ටද දැනුම් දී තිබිණැයි කියති. ඇගේ මානසික
තත්ත්වය යහපත් කරන්නට පියවර ගන්නා ලෙසත් දෙමව්පියන්ට දැනුම් දී තිබී ඇතැයි දැන
ගන්නට තිබේ. සිද්ධිය වූ ස්ථානය බොරැල්ල පොලිස් නිලධාරින් විසින් අද උදේ පරීක්ෂාවට ලක් කළ ආකාරයයි මේ.


No comments:
Post a Comment