මට සමාවෙන්න- මන්ත්‍රී කියයි
වයඹ පළාත් සභා මන්ත‍්‍රි ආනන්ද සරත් කුමාර සිය මන්ත‍්‍රි ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.නවගත්තේගමනවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක් වූ සුසිලා හේරත් මහත්මිය දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවද, අදාල සිද්ධියෙන් එම ගුරු මහත්මියට හෝ නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරු මණ්ඩලයට යම් අපකීර්තියක් සිදුවූයේ නම් ඊට සමාව ඉල්ලා සිටින බවද දක්වා ඇති ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ඇති බවද පවසා තිබේ. කෙසේ
වෙතත්එවැනි ප‍්‍රකාශයක් සිදුකිරීමෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වත්මන් රජයඅපහසුතාවට පත්කිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු එම ලිපියේ දක්වා ඇතැයි පැවසේ. මේ අතර අදාල මන්ත‍්‍රීවරයාට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ගුරුවරියක් දණ ගැස්වීමේ ක්‍රියාව එම ගුරුවරියට මානසික සහ ශාරීරික පීඩා සිදුවන අයුරින් කටයුතු කිරීම මිලේච්ඡ ක‍්‍රියාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වේ. අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම පිළිකුල් සහ නින්දා සහගත ක‍්‍රියාවක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එය හෙලා දකින බවත්ය.එම මන්ත‍්‍රීවරයා සිදුකර ඇති ඉතා බරපතල වරද පිළිබඳව මන්ත‍්‍රීවරයාට එරෙහිව ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිකුත් කළනිවේදනයෙහි දැක්වේ.

No comments:
Post a Comment