Tuesday, June 18, 2013

කොරියාවේ අධිවේගි මගේ දිවිපුදා යෝදකණ්ඩියේ මිහිදන් වූ ශාන්ත

ලියනආරච්චිගේ ශාන්ත කුමාර කොරියාවේ රැකියාවකට යන්නේ පාසල් අධ්‍යාපනය ලබන තම දියණියගේ සහ බාල පුතුගේ අධ්‍යාපන කටයුතුවලට ඇවැසි මුදල් හොයන්නට සේම හොඳ නිවසක් හදාගෙන සතුටින් ජීවත් වීමටය. කතරගම පූජා භූමියේ තිබුණු පූජා වට්ටි කඩයෙන් ලැබෙන ආදායම පවුලේ නඩත්තුවට නොසරි වූ හෙයින් කොරියන් විභාගයෙන් සමත් ව කොරියාවේ රැකියාවකට ගියේ මෙයට වසර දෙකකට පෙරය. ශාන්ත කුමාර රැකියාවට ගොසින් මාස
 18කට පසුව සේවා ආයතනයේ සියල්ලන්ට නිවාඩුවක් ලැබුණු හෙයින් යළිත් ලංකාවේ තිස්සමහාරාම, යෝධකණ්ඩිය තම ගම් පියසට එන්නේ යම්තම් මුදලක් එකතු කර ගනිමිනි. ඒ මුදල්වලින් නිවසක් හදන්නට කටයුතු ආරම්භ කළා පමණි.
2013-02-17 දින ශාන්ත කුමාර නැවතත් කොරියාව බලා යන්නේ නිවාඩු අවසන් වීමෙනි. ඔහු රට ගොස් මාසයක් ගෙවෙන තැන බිරිඳ කාංචනා ජයසිංහ යතුරුපැදි අනතුරකින් තුවාල ලබා ඔත්පල වූවා ය. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මල්ෂා සබීකි දියණියත්, ළදරු පාසල් වියේ පසුවන අකේෂ් සබීක පුතුත් මේ නිසා දැඩි අසරණ භාවයට පත්වූවත් රැකියාව හැරදා ශාන්ත කුමාරට යළි ලංකාවට පැමිණීමට නොහැකි විය. කාංචනා ජයසිංහගේ පියාණන් වූ ධර්මදාස ජයසිංහ තම දියණිය හා මුණුපුරාත් මිණිපිරියත් රැකබලා ගැනීමට අවශ්‍ය කටයුත සම්පාදනය 
කළේය. අත් වාරුවෙන් යම්තම් ඇවිදින අම්මාට බරක් නොවී දරු දෙදෙනා අධ්‍යාපන කටයුතු වල නිරත විය. 2013 ජුනි 8 වෙනිදා කාංචනා ජයසිංහට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලැබුණේ කිසිදාක බලාපොරොත්තු නොවූ පණිවුඩයකි. ශාන්ත කුමාර කොරියාවේදී යතුරු පැදි අනතුරකට ලක්ව මියගොස් ඇති බව ඉන් කියැවිණි. නතර වී සිටි ස්ථානයේ සිට සිය සේවා ස්ථානයට යතුරු පැදියෙන් අධිවේගී මාර්ගයක යමින් සිටියදී පිටුපසින් පැමිණි වාහනයක් ශාන්ත කුමාර යට කරගෙන ගොස් තිබුණේ වෛද්‍ය ප්‍රතිකාරයක්වත් ලබන්නට ඉඩක් නොතබාමය.

අධිවේගී මාර්ගයේ සවිකර ඇති ස්වයංක්‍රිය කැමරාවල ශාන්ත කුමාර අනතුරට ලක්වන අයුරු මනාව සටහන්ව තිබේ. වරද කාගේ වුවද ශාන්ත කුමාරට යළි ලංකාවට එන්නට ලැබුණේ යස ඉසුරු සහිතව නොවේ. 13 වැනිදා ශාන්ත කුමාරගේ දේහය ලංකාවට ගෙන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණි. අනතුර සිදුවූ මොහොතේ සිට දේහය ලංකාවට ගෙන්වා දීම තෙක් සියලු කටයුතු අප්‍රමාදව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඉටුකළ බව ශාන්ත කුමාරගේ මාමණ්ඩිය ප්‍රකාශ කළා. 
වන්දි ලබා දිමට අදාල කටයුතු භූමිදානෙන් පස්සෙ සිදු කරන බවටත් පොරොන්දු වුණාලු. නන්නාඳුනන දේහයක දරුවන්ට යස ඉසුරු සොයන්නට විදෙස් ගතවූ 43 හැවිරිදි ශාන්ත කුමාරආබාධිත බිරිඳ පමණක් නොව දරු පැටවුන්ද හැරදා සැමගේ සෝ සුසුම් මැද ජුනි 15 සෙනසුරාදා යෝධකණ්ඩියේ දී මිහිදන් වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ශාන්තගේ ජීවිතය ආපහු දෙන්න බැරි වුණත් අදාල වන්දි මුදල් ලබා දෙන්නට කටයුතු කරාවි කියල විශ්වාස කරනවා.

No comments:

Post a Comment