වයඹ පළාත් සභාව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින ලෙස ඉල්ලා ප‍්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබේ.මේ අනුව ඉතාම නුදුරේදී එම පළාත් සභාව විසිරුවා හරිනු ඇති බව පැවසේ. මේ අතර මධ්‍යම පළාත් සභාව විසුරුවන්නට අදාල නිර්දේශ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයාටදැනටමත් භාරදී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා මාතලේදී ප්‍රකාශ කළ අතර බොහෝ විට ලබන සිකුරාදා විසිරුවා හරිනු ඇති බවද ඔහු පැවසීය.
No comments:
Post a Comment