Thursday, June 13, 2013

හසිත මඩවල මරන්න අවි දුන් සැකකරු රිමාන්ඩ්


කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය සඳහා ගිනි අවිය ලබා දුන් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අද(13)පෙරවරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ ඝාතනයට යොදාගත් ගිනි අවියදඑකී ගිනි අවියේ ඡායාරූප ඇතුළත් බව කියන ඉෂාන් එදිරිසිංහ නමැති සැකකරුගේ ලැප්ටොප් වර්ගයේ පරිගණකයද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. අදාළ සැකකරු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය විසින් නියෝග කර තිබේ. පසුගිය ජනවාරි මස 5 වන දින කැලණිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් දෙදෙනෙකු ඇප මත මුදා හැර ඇත.බන්ධනාගාරගතව සිටි අනෙක් සැකකරුවන් තිදෙනා ද අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන්ද ලබන 23 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
මුහුදුබත් වූ යාතරාවේ ලංකාවේ අය සිටියේ නැතිලු
ඉකුත් දා ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දුපත ආසන්නයේදී අනතුරට ලක්වූ යාත‍්‍රාවේ සිටි පුද්ගලයන් අතර ශ‍්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නැති බවත්,ඔස්ටේ‍්‍රලියානු රජය සමග තවදුරටත්  සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියා සිටී. බහුදින යාත‍්‍රාවක් ඕස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දූපතට සමීපව පෙරේදා(11) අනතුරට ලක්වූ අතර එය කොකෝස් දූපතේ සිට නාවුක සැතපුම් 250 ක් පමණ ඈත මුහුදේදී මුහුදු බත්විණි. එහි සිටි ශ‍්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ මිය යන්නට ඇතැයි බි බි සි ය පැවසූ අතර ‘‘ දි  ඕස්ටේ‍්‍රලියන් ’’ වෙබ් අඩවිය පැවසුවේ ශ‍්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 30 දෙනෙකු පමණ අතුරුදන් වී සිටින බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා පිළිගත් සාක්ෂියක් ලැබී නොමැති බව කරුණාතිලක අමුණුගම මහතා අවධාරණය කරයි