Tuesday, June 18, 2013

විදුහල්පති මම නම් මන්ත්රී එළවන්නේ කොස්සෙන් ගහලා
එල්ලාවල මේධානන්ද හිමි
මන්ත්රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් පාසල පිරිසිදු කරන මුස්නෙන් පහර දී මන්ත්රීවරයා එළවන බව පාර්ලිමේන්තු මන්ත්රී, පුරා විද්යා චක්රවර්තී එල්ලාවෙල මේධානන්ද හිමියෝ පැවසූහ.  පාසලක විනය හදන ගුරුවරියට විනයක් නැති දේශපාලනඥයෙක් විසින් කළ නොහොබිනා ක්රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගත් ක්ෂණික පියවර අගය කරනවා යැයි  හිමියෝ වදාළහ. විදුහල්පතිවරයෙක්අධ්යාපන අධ්යක්ෂකවරයෙක් හා විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙක් වශයෙන් අධ්යාපන ක්ෂේත්රය තුළ තමන් වහන්සේ සේවය කළ වර්ෂ 34ක් වූ කාලය තුළ දී මෙවැනි සිදුවීමක් නොඇසූ බව  උන් වහන්සේ පැවසූහ. 
වර්තමානයේ සමහර ගුරුවරු ගුරු ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කළත් ගුරුවරයා යනු කිසිවෙකුට නොදවෛනි දෙවිකෙනෙකු හා සමාන අයෙක් බවත් දණ ගසා වැඳිය හැකි ආකාරයෙන් රට වෙනුවෙන් තම සේවය සලසන ගුරුවරු අදටත් මෙරට සිටින බව  හිමියෝ පැවසූහ

No comments:

Post a Comment