Friday, June 14, 2013

චීවරධාරියා සහ කතුන් රැඳී සිටි නිවසක් ගම්වැසියන් වට කරති
 
සැකකටයුතු ලෙස නිවසක රැදී සිටි චීවරධාරියෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ තරුණයෙක් පුත්තලම පොලීසිය ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පාලාවිය - තල්ගස්කන්ද ප්‍රදේශයේ නිවසක මෙම පිරිස රැඳී සිටින බවට පුත්තලම පොලීසියට තොරතුරක් ලැබී ඇත. පොලීසිය එම නිවසට යන අවස්ථාවේ පුද්ගලයින් 50 දෙනෙකු පමණ සැකකටයුතු නිවස වටකර ගෙන සිට ඇත. එම නිවස තුළ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බව කියන 71 හැවිරිදි චීවරධාරියෙකි. ඒ සමගම 34 හැවිරිදි තරුණයෙකුවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු වෙන්නප්පුව - ලුණුවිල පදිංචිකරුවෙකි.එම නිවස හිමි කාන්තාව සහ තවත් කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. තමන් මීට පෙරද මෙම නිවසට පැමිණ ඇති බව පවසා ඇති නමුත් ඊට හේතුව අත්අඩංගුවේ පසුවන චීවරධාරියා හෙලි කර නැත. පුත්තලම පොලීසියේ උප පොලිස් පරීක්ෂක සමරවීර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment