ඇමරිකාවට යවන ආහාරවල ප්‍රමිතිය බලන්න එයි
ඇමරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ ආහාරපාන අපනයනය
කිරීමට ප්‍රථම ඒවායේ ප්‍රමිතිය සොයා බැලීමට එරට ආහාර පාලන කමිටුව තීරණය කර ඇතැයි
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන කමිටුව සඳහන් කරයි. ඒ අනුව ඇමරිකාවේ ආහාර පිළිබඳ
විශේෂඥවරියක් වන මහාචාර්ය බාබරා රස්කෝ මහත්මිය ඇතුළු පිරිසක් මෙරටට පැමිණ
ඇමරිකාවට ආහාරපාන අපනයනය කරන කර්මාන්ත ශාලා හිමිකරුවන් මුණ ගැසී එම ආහාර පානවල ප්‍රමිතිය
සොයා බැලීමට පියවර ගෙන ඇතැයි ආහාර කමිටුයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේය.
මෙහිදී ආහාර නිෂ්පාදන ආයතන දැනුවත් කිරීමටත්, එම ආහාරපානවලට අයි.එස්.ඕ.සහතිකය හිමිව ඇත්දැයි යන්න සොයා බැලීමත්, එම ආහාරපාන පිළියෙල කරන අන්දම සොයා බැලීමත් කර ඇත. ඇමරිකාවට ආහාරපාන අපනයනය කිරීමේදී හා ඒවා නිෂ්පාදනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිලිබඳව මෙහිදී කර්මාන්තශාලා හිමිකරුවන්ව දැනුවත් කිරීමට මහාචාර්යවරිය පියවර ගෙන ඇත.

No comments:
Post a Comment