නීතියේ දෙවඟන ඉදිරියේ යුක්තිය නිසි ලෙස පසිඳලීමට ගොස් පාතාල අපරාධකරුවන්ගෙන් වෙඩි කා සමාජ සාධාරණත්වය උදෙසා ජීවිතය පූජා කළ සරත් අඹේපිටිය වැනි කීර්තිමත් විනිසුරුවරුන් බහුතරයක් සිටින මෙරට අධිකරණ ක්ෂේත්රයේ දූෂිත වංචාකාරයන්ද නැතිවාම නොවේ. නඩු දිනවන්නටත්, ඇප ලබාදෙන්නටත් අල්ලස් ගන්නා විනිසුරුවරුන් සිටින බවට දීර්ඝ කාලයක් තිස්සේ කතාබහක් පැවැතියත් මතෛක් කලක් ඒවා බොහොමයක් පැවතියේ හුදෙක් කටකතා ලෙස පමණි.
එහෙත් මේ වනවිට නඩුවක් දිනවන්නට අල්ලස් ගත් බවට චෝදනා ලැබූ විනිසුරුවරයෙකු අතටම අල්ලාගෙන හමාරය. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශය කළ වැටලීමකිනි.
අල්ලස් ගැනීමකට පමණක් නොව වෙනත් කිසිදු අපරාධයකට මෑත ඉතිහාසයේ අධිකරණ විනිසුරුවරයෙකු පොලිස් අත්අඩංගුවකට පත්ව නැති පසුබිමක නඩුවක් දිනා දීමට අල්ලසක් ගත්බවට කොටුවන්නේ හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහය. ඒ තනිවම නොව හෝමාගම පොලීසියට අනුයුක්තව සිටින විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වන කොස්තාපල් මහින්ද කිත්සිරිද සමගිනි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන
කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට අනුව විනිසුරුවරයා සිය පොලිස් ආරක්ෂකයා සමග එක්ව ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුනක අල්ලසකි. ඒ අවිස්සාවේල්ල -කොළඹ ප්රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම පිහිටි ‘සියරට’ නම් වූ හෝටලය පවත්වාගෙන යන දීපිකා ශ්යාමලී ජයවීරගෙනි. විනිසුරුවරයා එකී මුදල සිය ආරක්ෂකයා සමග පැමිණ ගත්තේයැයි සඳහන් වන්නේද එම හෝටලයේදීය. ඒ ඉකුත් 29 වෙනිදා රාත්රියේදීය. අල්ලස් කොමිසම සදහන් කරන ආකාරයට අනුව විමර්ශන අංශය ඒ දෙදෙනාව අත්අඩංගුවට ගන්නේ එකී අල්ලස ලබාගන්නා අවස්ථාවේදීමය. ඒ කල්තියා දීපිකා ශ්යාමලී අල්ලස් කොමිසමට ඒ ගැන කර තිබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන අංශයේ නිලධාරීන් හෝටලයේ රැක සිටීමේ ප්රතිඵලයක් ලෙසිනි.
එහිදී අල්ලස් ලෙස දීපිකා ශ්යාමලී ලබාදී ඇත්තේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සටහන් තබා තිබුණු කොමිසම සතු මුදල් නෝට්ටු ගොන්නකි.
එකී අල්ලස සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ඇය විසින් 29 වෙනිදා දහවල් කර ඇතිපැමිණිල්ලට අනුව අල්ලසට වස්තු බිජය වන්නේ ‘සියරට’ හෝටලයට යාබදව ඇති ඉඩමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකි. ඇය සඳහන්කර ඇති ආකාරයට අනුව සිය සැමියා සමග ඇය ‘සියරට’ හෝටලය පවත්වාගෙන යන්නේ 1995 වසරේ සිටය. එම හෝටලයට යාබදව ඇත්තේ ඇඹුල්ගම රජමහා විහාරයට අයත් ඉඩමකි. විහාරාධිපති ගංකන්දේ බෝධිවංශ හිමියන් පවසන ආකාරයට අනුව එම ඉඩම විහාරස්ථාන පූජා භූමියට අයත් කොටසකි. ප්රධාන පාරට මුහුණලා ඇති එම ඉඩම් කොටසේ බුද්ධ ප්රතිමා සහ දේව ප්රතිමා තැන්පත්කර ඇත්තේ මහා මාර්ගයේ ගමන්ගන්නා බැතිමතුන්ට වන්දනාමාන කරන්නටය.
එය එසේ වූවත් හෝටලයට පැමිණෙන පාරිභෝගිකයන්ගේ වාහන බොහෝමයක් නතර කෙරෙන්නේ එම ඉඩම් කොටස ඉදිරිපිට මාර්ගයේය. ලොරි, බස් ඇතුළු විශාල වාහන නතරකරන විට බුද්ධ ප්රතිමා සහ දේව ප්රතිමා මහා මාර්ගයට නොපෙනෙන බවටත්, හෝටලයට පැමිණෙන ඇතැම් පුද්ගලයන් මත්පැන් පානය කරන්නේ එම විහාරස්ථාන ඉඩම් කොටසේ බවටත් ඒත් සමගම විහාරාධිපති හිමියන්ගෙන් චෝදනා එල්ලවන්නට වූයේ හිස් බියර් කෑන් සහ මත්පැන් පානය කළ වීදුරු කෝප්ප මල් අසුන්වල තිබෙන බව කියමිනි. එය කමෛන් විහාරස්ථානය සහ හෝටලය අතර සීතල යුද්ධයක් බවට පත්වන විට විහාරාධිපති හිමියන් තීරණය කරන්නේ බුදුපිළිම සහ දේව ප්රතිමා එම ස්ථානයෙන් ඉවත්කරන්නටය. විහාරාධිපති හිමියන්ට එරෙහිව ඒත් සමගම පිළිම විනාශ කරන්නේයැයි සඳහන් කරමින් හංවැල්ල පොලීසියට ඇය යන්නේ දෙපාර්ශ්වය අතර පැවැති නෝක්කාඩුකම් දුරදිග යාමේ ප්රතිඵලයක් ලෙසිනි. එහිදී විහාරාධිපති හිමියන් ඊට ප්රතිචාර දක්වන්නේ හෝටලය නිසා බුද්ධ ප්රතිමා සහ දේව රූපවලට සිදුවන හානිය ගැන හෝමාගම දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරාය.
සුනිල් අබේසිංහ විනිසුරු යටතේ මාස කිහිපයක් තිස්සේ මෙකී නඩුව විභාගවන්නේ විහාරස්ථානයට අයත් එකී ඉඩම් කොටසේ රථවාහන නතර නොකරන ලෙසට වාරණ නියෝගයක්ද දෙමිනි.
අල්ලස් කොමිසම සඳහන් කරන්නේ මෙම නඩුවේ තීන්දුව ලබා දෙන්නට නියමිතව තිබි ඇත්තේ ඉකුත් 28 වෙනිදා බවය. එහෙත් එදා අධිකරණයට ගිය දීපිකා ශ්යාමලීව මුණ ගැසෙන අධිකරණ පොලිස් කොස්තාපල්වරියක් “මේ නඩුවේ තීන්දුව ඔයගොල්ලන්ට වාසි වෙන්න කරල දෙන්න පුලුවන්. මහින්ද අයියට කියල මම ඒක කරල දෙන්නම්. ටිකක් වියදම් කරන්න වෙයි. යැයි පවසමින් ඇගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇත.
ඊට සුළු මොහොතකට පසු ඇයව අමතන්නේ මහින්ද නැමැති අයෙකි. ඒ වෙන කිසිවෙකු නොව විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂකයා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
“නඩුවේ තීන්දුව ඔයාලට වාසි වෙන්න අරන් දෙන්නම්. තීන්දුව අද දෙන්නේ නැහැ. ලබන 30 දක්වා කල් දැම්මා. හෙට (29) මම සර්ත් එක්ක එනවා. ලක්ෂ 03ක් ඕනෙ.” ඔහු එහිදී ඇය සමග කෙළින්ම මාතෘකාවට බැස්සේය.
ඇය ඒ ගැන අල්ලස් කොමිසමට දැනුම් දීමෙන් පසු විනිසුරුවරයෙකුට එරෙහිව එකී චෝදනාව කරන බැවින් 29 වෙනිදා පැමිණිල්ල සටහන් කරගන්නට මත්තෙන් කොමිසම දෙවරක්ම ඒ ගැන කල්පනා කළේ්ය. කොමිෂන් සභාවෙන් විමර්ශන අංශයට එකී පැමිණිල්ල ගැන විභාගයක් පැවැත්වීමට අවසරය ලැබෙන්නේද දීර්ඝ ලෙස කරුණු සොයා බැලීමකින් පසුවය.
ඒ අනුව විමර්ශන අංශය එදින රාත්රියේ ‘සියරට’ හෝටලයට ගොස් රැක සිටින්නේ විනිසුරුවරයා සිය ආරක්ෂකයා සමග අල්ලස් මුදල ගන්නට පැමිණෙන තුරුය. එවිට වේලාව රාත්රී 10.00 ට පමණ ඇත. විනිසුරුවරයා සිය ආරක්ෂකයා සමග එහි එන්නේ මෝටර් රියක නැගීය. මෙහිදී ඉල්ලා සිටි අල්ලස ගන්නට මෝටර් රියෙන් බැස හෝටලය තුලට එන්නේ ආරක්ෂකයාය. අල්ලස් මුදල ගන්නා විටම ඔහුව විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගන්නා විට “සර් , ඉක්මනට යන්න. මාව අහුවුණා.” යැයි කෑමොර දෙන්නට වූයේ විනිසුරුවරයාට එම ස්ථානයෙන් පැනයන්නට කියමිනි. එහෙත් ඊට ඔහුට ඉඩක් නොවීය. ඒ විමර්ශන නිලධාරීන් ඔහුව ඒ සැණින් වටකරගන්නට වූ බැවිණි. එහිදී විනිසුරුවරයා කලබලයක් නොකළත් ඔහුගේ ආරක්ෂකයා නම් එතැනින් පලායන්නට නොගත් උත්සාහයක් නැති බව සඳහන් වේ. ඊට එරෙහිව දැඩි පරිශ්රමයක් දරන්නට විමර්ශන නිලධාරීන්ට සිදුවී ඇත.
මෙරට ඉතිහාසයේ ප්රථම වරට විනිසුරුවරයෙකු අල්ලස් චෝදනාවකට එසේ අත්අඩංගුවට ගන්නා අල්ලස් කොමිසම ඔවුන් දෙදෙනාව ඊට පසුදිනම අධිකරණයට ඉදිරිපත් කරන්නට වගබලා ගත්තේය. එහිදී කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිළපිටිය මහතා ඔවුන් දෙදෙනාව ජුනි 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ මෙරට ඉතිහාසයේ අධිකරණ විනිසුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත වන පළමු අවස්්ථාව සනිටුහන් කරමිනි.
එය එසේ වුවත් විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරී මහින්ද වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එක හෙළා පවසන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුට පහරදී එම මුදල් ගෙන එන්නට කීවේ දිසා විනිසුරුවරයා බවට පවසන ලෙස බලකර ඇති බවය. ඔහුට පහර දී ඇත්තේ එසේ පැවැසීම ප්රතික්ෂේප කිරීම නිසා බවද ඔවුහු පවසති.
දිසා විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සදහන් කරන්නේ විනිසුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ලක්ෂ තුනක් ගත් බවට සෘජු සාක්ෂියක්වත් නොමැතිව බවයි.
දිසා විනිසුරුවරයා ඔහුගේ
ආරක්ෂකයා සමග පෞද්ගලික ගමනක් යන අතර බහිස්රාවී කටයුත්තක් කරන්නට අවශ්යබව පැවැසීමෙන් අනතුරුව විනිසුරුවරයා මහපාරේ වාහනය නතර කළ බවත්, එහිදී ආරක්ෂක නිලධාරියා වාහනයෙන් බැස ගොස් සුළු වේලාවකට පසු අල්ලස් කොමිසමෙන් කියා පිරිසක් විනිසුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවත් හේමන්ත වර්ණකුලසූරිය මහතා සදහන් කරයි.
මෙවන් තර්ක විතර්ක නීතිඥවරුන් පැවැසුවත් නඩු විභාගයේදි සැබෑව හෙළිවනු ඇති බව අල්ලස් කොමිසමේ සභාපති විශ්රාමික ශේ්රෂ්ඨාධිකරණ විනිසුරු ජගත්් බාලපටබැඳි මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment