Monday, June 3, 2013

විජේවීර දියණිය ගැන වෛද් වාර්තාවක් ලැබෙන තුරු බන්ධනාගාරයට
සිය මවට සහ සහෝදරයාට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටින ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ වැඩිමහල් දියණිය වූ දසුන් ඊශා විජේවීර මෙනවිය අද (03) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යලි ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාරිය ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට යොමු කොට සම්පූර්ණ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නි‍යෝග කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් කායිකනන්ද මහතා මෙය සමථයකට පත්විය හැකි නඩුවක් වුවත් සැකකාරිය සම්බන්ධයෙන් වූ‍ වෛද්‍ය වාර්තා ලැබෙන තෙක් එය කළ නොහැකි බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. සැකකාරියට බන්ධනාගාරය මගින් තව දුරටත් ප්‍රතිකාර ලබා දෙන ලෙසටද නීතිඥවරයා ඉල්ලා සිටියේය. පැමිණිල්ලේ නීතිඥ චතුර ගුණරත්න මහතා අධිකරණය අමතමින් මෙම පහරදීමෙන් සැකකාරියගේ බාල සොයුරුතුවාල ලබා රෝහල් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පැවසීය. 
විත්තිකාරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසට බන්ධනාගාරයට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ජුනි මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. රෝහණ විජේවීර මහතා ඝාතනය වීමෙන් පසු ඔහු‍‍ගේ බිරිඳ සහ දරුවන් නාවික හමුදාවේ රැකවරණ යටතේ වැලිසර ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර පහරදීම සිදුවී ඇත්තේ එහිදී බව පොලිසිය පවසයි

No comments:

Post a Comment