Friday, May 31, 2013

සමූහ මිනිවලේ රහස් සොයන්න ජාත්යන්තර පොලිසියේ සහය
මාතලේ සමූහ මිනිවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට  31 දා රහස් පොලිසියට අවසර දුන් මාතලේ අතිරේක දිසා විනිසුරු  මහේස්ත්රාත් චතුරිකාද සිල්වා මහත්මිය මෙම නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටීමට ශ්රි ලංකා නීතිඥ සංගමයට අවසර  දුන්නාය.මාතලේ මහේස්ත්රාත් අධිකරණය හමුවේ 31 දා නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්රි ලංකා නිතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ අනුර මැද්දේගොඩ මහතා කළ ඉල්ලිම් සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබා දුන්නාය.
ශ්රි ලංකා නිතිඥ සංගමය ජනතා විමුක්ති පෙරමුණ හා  පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ නිතිඥයින් 12 දෙනෙකු  මෙදින 89/90 වකවානුව තුළ අතුරුදහන්වූ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටි අතර 89/90 වකවානුව තුළ අතුරුදහන්, මාතලේ සමූහ මිනිවලේ මිහිදන්කර ඇති බවට සැලකෙන 22 ක් වෙනුවෙන් දිවුරුම් ප්රකාශ අධිකරණයට ඉදිරිපත් කිරීමද සිදුවිය. 89/90 වකවානුව තුළ අතුරුදහන් මාතලේ සමූහ මිනිවලේ මිහිදන්කර ඇති බවට සැලකෙන ඥාතින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවුරුම් ප්රකාශ 22 ක් මෙදින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒවා පිළිගන්නවාද  නැද්ද යන්න සලකා බැලීම ලබන 28 දිනට කල් තැබූ අධිකරණය සිංහල දෙමළ සහ ඉංග්රිසි භාෂාත්රයෙන්ම නිල නිවේදනයක් පුවත්පත් මගින් නිකුත් කර අතුරුදහන් වූවන්ගේ ඥාතින් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට උපදෙස් දුන්නේය.
ශ්රි ලංකා නිතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණේ නිතිඥවරුන් සහ පෙරටුගාමී පක්ෂයේ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් නිතිඥ කණ්ඩායමක් මෙදින අධිකරණය හමුවේ පෙනි සිටි අතර 89/90 වකවානුව තුළ අතුරුදහන්වුන්ගේ ඥාතීන් විශාල පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ .ශ්රි ලංකා නිතිඥ සංගමයේ නියෝජිත නිතිඥ අනුර මැද්දේගොඩ මහතා ජනමාධ්යයට අදහස් දක්වමින්   මාතලේ සමූහ මිනිවල සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී යුක්තිය පසිඳලීමේ කාර්යය විනිවිද දක්නට හැකිවන අන්දම ඉදිරියට  ගෙන යාමට ශ්රි ලංකා නිතිඥ සංගමය තීරණය කර ඇති බව පැවසූ අතර මෙම අවස්ථාවට සහභාගිවු පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් රජය නිහඩව නොසිට පැහැදිලි විමර්ශනයක් කළ යුතුව ඇති බව පැවසීය . නඩු විභාගය ජූනි 28 දිනට කල් තැබිණි.

No comments:

Post a Comment