Saturday, June 1, 2013

සබරගමු සිසු උද්ඝෝෂණයට කදුළු ගෑස් සහ බැටන් ප්රහාර

තුවාල ලැබූ සිසුන් 20ක් රෝහලේ

බදුලු කොළඹ මාර්ගය පැය 5කට අධික කාලයක් අවහිරකරගෙන සිටි සබරගමු සරසවියේ දහසකනට වැඩි සිසුන් පිරිසකට බැටන් ප්රහාර සහ කදුළු ගෑස් එල්ල කොට විසුරවා හරින්නට පොලිසිය අද පස්වරුවේ පියවර ගත්තේය. බැටන් ප්රහාරයට සහ කදුළු ගෑස්, ගල් මුල් වැදී තුවාල ලැබූ සිසුන් 20 දෙනෙක් පමණ පඹහින්න දිසා රෝහලට සහ බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. පැය 5කට අධික කාලයක් බදුලු කොළඹ මාර්ගයේ පඹහින්න මංසන්දියේ පැවති මෙම විරෝධතාවයට හේතු වූයේ සබරගමු සරසවියේ සිසුන් කිහිපදෙනෙකුගේ විභාගය සරසවි පාලන අධිකාරිය විසින් අත්හිටුවා තිබීමයි. මෙම සිසුන් විසුරවා හැරීමට පොලීසිය සහ යුධ හමුදාව එක් වී සිටියහ. සිසුන් මාර්ගය මැද වැතිර සිටි අතර ඔවුන් ඔසවා ඉවතට දැමීම පොලීසිය සහ හමුදාව එක්ව සිදු කෙරුනි. මෙම අවස්ථාවේදී ගම්මුන්ද සිසුන්ගේ සහයට පැමිණි අතර මෙම විරෝධතාවයට සහය නෙදෙන ලෙස පොලිසිය විසින් ගම්මුන්ට පවසන ලදී.  මොහොතකින් විරෝධතාව උත්සන්න වූ අතර ගල් මුල් ප්රහාර එල්ල වන්නට පටන් ගත්තේය. එම අවස්ථාවේදී  පොලිසිය විසින් බැටන් ප්රහාර සහ කදුළු ගෑස් එල්ල කරන ලදී. පොලිසියේ උසස් නිලධාරීන් විසින් සබරගමු සරසවියේ පාලන අධිකාරිය ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය

No comments:

Post a Comment