Saturday, June 1, 2013

මාරාන්තික උපවාසයේ සිසුන් 4 රෝහලේ

මාරාන්තික උපවාසක් ආරම්භ කළ ශ්රි ලංකා සබරගමු විශ්ව විද්යාලයේ සිසුන් 4දෙනාම අසාද් තත්වයෙන් යුතුය අද (01) උදේ බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කරන ලදී. මෙම සරසවියේ සිසුන් කිහිප දෙනෙකුට පනවා තිබූ විභාග කටයුතු තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් එම සරසවියේම තවත් සිසුන් පිරිසක් උපවාසයක් ආරම්භ කළේය. සරසව් පාලනයෙන් ඊට ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් ඊයේ(31) දහවල් සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ ඇත. මේ වන විටත් විභාග තහනම දිගටම ක්රියාත්මකව පවතින අතර සිසුන් දහසක් පමණ බදුලු කොළඹ මාර්ගයේ පඹහින්න මංසන්දිය අවහිර කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක නියලී සිටිති.

No comments:

Post a Comment